ව්‍යවසායකයින් 20,000ක් රජරටින් බිහි කිරීමේ අරමුණින් ‘ Enterprises Sri Lanka දියුණුවේ පුරෝගාමී පුරවරයට’

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට (24) සිට දින හතරක් අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවත් මෙවර ඉලක්කය වන්නේ රජ රටින් ව්‍යවසායකයින් 20,000ක් බිහි කිරීම බවත් මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා කියයි.

පසුගිය වසරේ මොණරාගලින් ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවැන්න මෙවර අනුරාධපුරයේ දී පැවැත්වෙනුයේ ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දියුණුවේ පුරෝගාමී පුරවරයට’ යන තේමාව යටතේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ වික‍්‍රමරත්න මහතා, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය දියුණු කිරීමයි. අපේ රටේ ශ්‍රම බළකායේ ප්‍රතිශතයක් ලෙස ව්‍යවසායකයන් ප්‍රමාණය ගත් විට එය සියයට 03ක් වැනි ඉතාම පහළ අගයක්. නමුත් ලෝකයේ දියුණු, බලවත්, විශාල රටවල ව්‍යවසායකත්වය ඉහළ අගයක් ගන්නවා. උදාහරණයක් ලෙස එය බංග්ලාදේශයේ සියයට 17 – 18ක් වන අතර චීනයේ, වියට්නාමයේ හා ඉන්දියාවේ ඊටක් වඩා වැඩියි. මෙම ප‍්‍රදර්ශනය මගින් අපේ අරමුණ ඉදිරි අවුරුදු දෙක- තුනේ දී මේ සංඛ්‍යාව අඩුම තරමේ දෙගුණයක් කිරීමයි.

අනුරාධපුරයේ පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනයට මොනරාගලට වඩා වැඩි පිරිසක් වැඩි ප්‍රදර්ශකයන් පිරිසක් එක්මො වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මොනරාගල පළමු ප්‍රදර්ශනයට ප්‍රදර්ශකයෝ 241ක්, ප්‍රදර්ශන කුටි 640ක් ඉදිරිපත් කොට තිබූ අතර එය බලන්න ලක්ෂ 5ක් පැමිණි බවයි ඇමතිවරයා කියන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ මාර්ග වැව් අමුණු හා පොදු යටිතල පහසුකම් දියුණු කිරීමත් මේ ප්‍රදර්ශනයට සමගාමිව සිදු කළා බව කී ඇමතිවරයා අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේත් විශාල සංවර්ධනයක් සිදු කරන බව සඳහන් කළා.

Recommended For You

About the Author: Editor