ශ්‍රී ලංකාවේ අපනයන දිරි ගැන්වීමට lk2mv.com වෙබ් අඩවිය එළි දකී

ඕෂන් ටේ‍්‍රඞ් ඇන්ඩ් ලොජිස්ටික් පෞද්ගලික සමාගම මෙරට අපනයන වෙළෙඳපොළේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ සිට ලොව අනෙක් රටවලට අපනයනයට lk2mv.com වෙබ් අඩවිය පසුගිය දා එළිදැක්වීය. මෙම වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රී ලංකාවේ සිටින නිෂ්පාදකයන්ට කිසිදු අපහසුවකින් තොරව විදේශවල ගැනුම්කරුවන්ගේ දොර අසලටම භාණ්ඩ යැවිය හැකිය. ශ්‍රී ලාංකික නිෂ්පාදකයන් සිය භාණ්ඩ පිළිබඳව කන2පඩගජදප වෙබ් අඩවියේ තොරතුරු පළ කිරීමෙන් පසුව ඒවා මිල දී ගැනීමට විදේශීය ගැනුම්කරුවකු ඉදිරිපත් වූ විට ඕෂන් ට්‍රෙඩ් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම ගැනුම්කරුවා වෙත භාණ්ඩ ප්‍රවාහනය කරන අතර අතරමැදි සියලු වගකීම් සහ අවශ්‍යතා සමාගම ඉටු කරයි.

නව වෙබ් අඩවිය ජූලි 14, 15, 16 තෙදින තුළ මාලදිවයිනේ මාලේ නගරයේ පැවැති ෆුඞ් ඇන්ඞ් හොස්පිටැලිටි ඒෂියා 2019 ප්‍රදර්ශනයේදී විවෘත කෙරුණු අතර එම අවස්ථාවට මාලදිවයිනේ සන්නිවේදන, විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය අලි සෝලි, ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හුසේන් සමීර්, මාලදිවයිනේ ප්‍රවාහන හා කොන්ත්‍රාත් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ හසන් ෂා, පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් ගෆූර්, මාලදිවයිනේ ඕෂන් ලොජිස්ටික්හි මොහොමඞ් වහීඞ්, මාලදිවයිනේ TTS සභාපති මොහොමඩ් නබීල් යන මහත්වරු සමඟ FHAM ප්‍රදර්ශනයේ ආරාධිතයෝ සහ ශ්‍රී ලංකා මාලදිවයින් ව්‍යාපාර කවුන්සිලයේ නියෝජිතයෝ සහභාගි වූහ.

lk2mv.com වෙබ් අඩවිය හරහා බෝට්ටු සහ බෝට්ටු උපාංග, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය, රෙදිපිළි, පොහොර, එළවළු, පලතුරු, හෝටල් සැපයුම්, ඇසුරුම් අමුද්‍රව්‍ය, ප්‍රවර්ධන අමුද්‍රව්‍ය, රථවාහන අමතර කොටස්, ජලමුද්‍රිත උපාංග, ළමා උපකරණ ආදී නිෂ්පාදන රැසක් විදේශීය ගැනුම්කරුවන්ට අලෙවි කළ හැකිය. ශ්‍රී ලංකාවේ අපනයන දිරි ගන්වමින්, නව මාවතකට යොමු කරවමින්, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන යෝධ පියවරක් සහ නව සංකල්පයක් ලෙස මෙම වෙබ් අඩවිය හැඳින්විය හැකි බව එහි නිර්මාතෘ සහ ඕෂන් ට්‍රෙඩි ඇන්ඩි ලොජිස්ටික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් මෙන්ඩිස් මහතා පැවසීය.

Recommended For You

About the Author: Editor