හෙට රැස්වෙන පාස්කු ඉරිදා කාරක සභාවට බුද්ධි අංශ නිලධාරීන් කැඳවයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හෙට (24) පෙ.ව 10.30 යළි රැස්වෙන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා.

මෙදින සාක්ෂි ලබාදීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් කැඳවා ඇති බවත් එදින තේරිම් කාරක සභාවේ කටයුතු ආවරණය මාධ්‍යයට විවෘත නොවන බවත් නියෝජ්‍ය කථානායකවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Recommended For You

About the Author: Editor