
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ ද ලබාදීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.
මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සියලු සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විටත් පාසල් වෙත යොමුකර ඇති බවත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ද ඔවුන්ගේ ලිපිනයන් වෙත යොමුකර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
ලබන බදාදා දිනෙන් පසුව පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන අතර ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවන්ට එමගින් ද ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට හැකියාව පවතින බව සනත් පුජිත මහතා වැඩි දුරටත් සඳහන් කළා.
උසස් පෙළ විභාගය අගෝස්තු 05වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත් වෙනවා.