‘මහවැලිය – සංහිඳියාවේ ගංගාව’ සහ ,95න් පසු මහවැලි, ග්‍රන්ථ ද්විත්වය ජනපතිට පිළිගන්වයි

“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ ,95න් පසු මහවැලි, ග්‍රන්ථ ද්විත්වය ජනගත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

කඳුරට, රජරට, උතුරු නැගෙනහිර මතු නො ව අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන ,මහවැලිය – සංහිඳියාවේ ගංගාව, ග්‍රන්ථය තුළ අන්තර්ගත අතර,  සිහිනයක් ව පමණක් පැවති මහවැලියේ දුෂ්කර ම හා උත්තම පරිච්ඡේදය මොරගහකන්ද කථගඟ මහා ජලාශය ඇතුථ වියළි කලාපීය ජන ජීවිතයේ කදුථ පිස හළ මහා වාරි විස්මිතයේ කතාව ,95න් පසු මහවැලි, ග්‍රන්ථයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ජල කළමනාකරණයේ විශේෂඥයෙකු සහ 1976 සිට වරින් වර මහවැලියට එක්ව කටයුතු කළ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරන ලදී.

ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති, ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ සහ ග්‍රන්ථ ද්විත්වයේ ප්‍රධාන සංස්කාරක කේ. ආරියතුංග යන මහත්වරුන් ඇතු`ථ සම්පාදක මණ්ඩලය විසින් මෙහිදී ග්‍රන්ථ ද්විත්වය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. 

Recommended For You

About the Author: Editor