මැදවච්චියට වන අලි තර්ජන

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා හල්මිල්ලෑව ගම්මානයට පවත්නා වන අලි තර්ජනය හේතුවෙන් ජනතාව විඩාවට පත්ව සිටී.

රාත්‍රී කාලයේ ගම්මාන වෙත පැමිනෙන වන අලි අළුයම දකිවා රැදී සිටිමින් ප්‍රදේශයට දැඩි හානියක් සිදුකරන බව ගමිවාසීන් පවසයි. බෝග වගාවන්ට මෙන්ම නිවාස වලට පසුගිය දින වලදී හානි සිදුකර ඇති වන අලි පලවා හරින ලෙස වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට කිසිදු විසදුමක් නොලැබුනු බව ජනතාව පවසයි.

ප්‍රදේශයේ පවත්නා වියලි කාළගුණ තත්වය හේතුවෙන් ජලය හා ආහාර නොමැතිව වන අලි ගම්මාන වෙත පැමිනෙයි. මීට පෙර දී වන අලි ප්‍රහාර නිසා ජීවිත හානි පවා සිදුවූ‍ මෙම ජනතාව මුහුන දෙන වන අලි තර්ජන වලට කඩිනම් විසඳුමක අවශ්‍යතාව ඔවුන් පෙන්වාදේ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය – වව්නියාව

Recommended For You

About the Author: Editor