
පාස්කු ඉරිදා එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ප්රතික්ෂේප කර තිබෙනවා.
අද (26) පාස්කු ඉරිදා කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙන ලෙස නීතිපතිවරයාට එම කාරක සභාව විසින් දන්වා තිබුණා.
එහෙත් එම ඉල්ලීම ප්රතික්ෂේප කරමින් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම මගින් තම රාජකාරිවලට ගැටලු මතුවිය හැකි බවයි.
නීතිපතිවරයාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහුගෙන් සාක්ෂි විමසීම කාරක සභාව විසින් අත්හිටවූ අතර නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්නා.