මධ්‍යධරණී මුහුද සරණාගතයින් 150ක් බිලි ගනිද්දී චීනයේ නායට 20ක් යට වෙයි

මධ්‍යධරණී මුහුදේ ලිබියා වෙරළ තීරය ආසන්නයේදී සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් සංක්‍රමණිකයින් 150 දෙනෙකුට ආසන පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහන් කරනවා.

බෝට්ටුව අනතුරට ලක් වන අවස්ථාවේදී 300 කට ආසන්න සංක්‍රමණිකයින් පිරිසක් එහි සිට තිබෙන අතර ලිබියා වෙරළාරක්ෂකයින් තවත් සංක්‍රමණිකයින් 134 දෙනෙකුට අධික පිරිසක් බේරාගෙන ඇති බවයි එම වාර්තාව වැඩි දුරටත් පවසන්නේ.

මෙම වසරේ ගත වූ මාස කිහිපයේ පමණක් මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

චීනයේ නාය යෑමෙන් 20ක් මරුට

චීනයේ නිරිතදිග ප‍්‍රදේශයේ සිදුවු නායයෑමෙන් පුද්ගලයින් 20 දෙනකු මිය ගොස් 25 දෙනකු අතුරුදන්ව ඇතැයි චීන මාධ්‍ය කියනවා.

නායයෑමෙන් නිවාස 23ක් සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇති අතර තවත් විශාල පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර තව දුරටත් ග‍්‍රාමීය සහ කඳුකර ප‍්‍රදේශ රැසකට අනතුරු ඇඟවිම් නිකුත් කර ඇත බව ද චීන මාධ්‍ය වාර්තා කළා.

Recommended For You

About the Author: Editor