වැඩිහිටි පිරිමින් අතර මුඛ පිළිකාව 40% කින් වැඩි වෙලා : බුලත්විට, දුම්වැටි සහ මත්වතුර භාවිතය ප‍්‍රධාන හේතුවයි

මෙරට වාර්තා වූ මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 40ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා සදහන් කරයි.

පසුගිය වසර 05ක දත්ත විශ්ලේෂණය මගින් මේ බව හෙළිකර ගෙන ඇත.

එම පිළිකා වර්ගය වැඩි වශයෙන් වයසින් වැඩි පුද්ගලයින්ට වැළැදුන දල මෑතක සිට තරුණ පරම්පරාව අතරල මුඛ පිළිකාව වාර්තාවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවල විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා සදහන් කරයිග

මෙහිදී විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ජයසේකර මහතා සඳහන් කළේ මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව මුඛ පිළිකාව බවත් මුඛ පිළිකාව නිසා දිනකට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුවත් මිය යන බවත්ය.

මුඛ පිළිකාව ඇතිවීමට ප්‍රධාන සාධක වන්නේ, බුලත්විට හා පුවක් සැපීම, දුම්පානය, මත්වතුර පානය බවත් පෝෂණ ඌණතාව, අයහපත් මුඛ සෞඛ්‍ය, හියුමන් පැපිලෝමා වෛරස ආසාධනය ආදිය ද මේ සඳහා හේතුවන බවත් ජයසේකර මහතා සඳහන් කරයි.

මුඛ පිළිකා වැළැදීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් වන්නේ දවසකට බුලත් විට තුනකට වඩා සපන පුද්ගලයන් කී වෛද්‍ය ජයසේකර මහතා අවුරුදු 30ට වැඩි පුරුද්දක් ලෙස දුම්පානය කරන සහ සතියකට වතාවක් වත් මත්වතුර පානය කරන පුද්ගලයන් සහ දවසකට පුවක් පැකට් එකක්වත් සපන පිරිස ද මීට ඇතුළත් වන බවත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor