මාස 44කට පසු ශ‍්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

මාස 44කට පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කරමින් අද (28) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ දී බංග්ලාදේශය සමග පැවැති දිවා – රාත‍්‍රි දෙවැනි එක්දින තරගය කඩුළු 07කින් ජයග‍්‍රහණය කළේය.

2015 වසරේ කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේදී ජය ගැනීමෙන් අනතුරුව මේ දක්වා ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලියක් ජයගෙන නොමැත.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 තුළ දී කඩුළු 08කට ලකුණු 238ක් වාර්තා කළේය. බංග්ලාදේශය වෙනුවෙන් Mushfiqur Rahim පන්දු 110කට නොදැවී ලකුණු 98ක් වාර්තා කළේය.

බංග්ලාදේශයට එරෙහිව පන්දු යැවූ නුවන් ප‍්‍රදීප්, ඉසුරු උදාන සහ අකිල ධනංජය කඩුළු 02 බැගින් බිඳ හෙළීය.

කඩුළු බිඳ වැටීම – 1-26 (Soumya Sarkar, 5.4 ov), 2-31 (Tamim Iqbal, 8.1 ov), 3-52 (Mohammad Mithun, 14.3 ov), 4-68 (Mahmudullah, 18.6 ov), 5-88 (Sabbir Rahman, 24.3 ov), 6-117 (Mosaddek Hossain, 31.5 ov), 7-201 (Mehidy Hasan, 45.3 ov), 8-231 (Taijul Islam, 49.2 ov)

ලකුණු 239ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 44.කදී කඩුළු 03කට ලකුණු 242ක් වාර්තා කරමින් තරගය ජයග‍්‍රහණය කළේය.

අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 75කට ලකුණු 82යි, දිමුත් කරුණාරත්න 15, කුසල් පෙරේරා 30, කුසල් මෙන්ඩිස් නොදැවී 41ක් සහ ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 51ක් වාර්තා කළේය.

කඩුළු බිඳ වැටීම 1-71 (Dimuth Karunaratne, 11.3 ov), 2-129 (Avishka Fernando, 20.4 ov), 3-146 (Kusal Perera, 24.4 ov)

මේ සමග ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2/0ක් ලෙස ජයග‍්‍රහණය කර ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් බැවින් තරගාවලිය ද ජයග‍්‍රහණය කළේය.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor