සීගිරියේ සංචාරක අවාරය අවසන් කරමින් බටහිර සංචාරකයෝ රොද බඳිති

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අතිෂය දුර්වල තත්ත්වයක පැවැති සීගිරිය නැරඹීමට පැමිණෙන බටහිර යුරෝපීය සංචාරකයන්ගේ ප‍්‍රමාණය මේ වනවිට සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා සඳහන් කරනවා.

දිනපතා 900 කට අධික සංචාරක පිරිසක් සීගිරිය නැරඹිම සඳහා පැමිණෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සෑම අයෙකුගේම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන බවත් ආරක්ෂාව පිළිබද කිසිදු ගැටලුවක් මතු නොවන බවත් අනුර නිශාන්තා මහතා වැඩි දුරටත් සඳහන් කළා.

Recommended For You

About the Author: Editor