නයිජීරියාවේ – ලිබියාවේ සහ ඇෆ්ගන්හි සිවිල් ඝාතන රැසක්

බොකෝහරම් ත‍්‍රස්ත පළිගැනීමකට 65ක් ඝාතන කරයි

නයිජීරියාවේ බෝර්නෝ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි පිරිසක් ඉලක්ක කර ගනිමින් බොකෝහරාම් ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය කියනවා.

ත‍්‍රස්තවාදීන් වෑන් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන් කරන නයිජීරියානු මාධ්‍ය මීට සති දෙකකට පෙර ගම්වාසීන් එක්ව බොකෝහරාම් ත්‍රස්තයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කරන්න ඇතැයි විශ්වාස කරනවා.

ලිබියාවේ රෝහලකට ගුවන් ප‍්‍රහාර

මේ අතර ලිබියාවේ ටි‍්‍රපෝලි අගනුවර පිහිටි රෝහලට එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් එහි සිටි වෛද්‍යවරුන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

ලිබියා ජාතික හමුදාවට අණදෙන ජනරාල් කලීෆා අෆ්තාට අයත් යුධ ගුවන් යානයක් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි ලිබියා සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් ලිබියා ජාතික හමුදාව මෙතෙක් ප‍්‍රකාශයක් නිකුත් කර නැහැ.

ඇෆ්ගන්හි මරාගෙන මැරෙන ප‍්‍රහාරකින් 20ක් මරුට

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරණ ද්‍රව්‍ය සහිත මෝටර් රථයක් පුපුරුවා හැරීමෙන් ඇෆ්ගනිස්ථානයේ උප ජනාධිපති අපේක්ෂකයෙකුගේ කාර්යාලක සිටි පුද්ගලයින් විසි දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය කියනවා.

ඇෆ්ගන් ජනාධිපතිවරණයට අදාළව පැවැත්වෙන මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනේ පළමු දිනයේදීම එම ප‍්‍රහාරය එල්ලවීම බරපතළ තත්ත්වයක් බවයි එම මාධ්‍ය වාර්තා කියන්නේ.

පුද්ගලයන් පනස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor