Court Report: පාස්කු ප‍්‍රහාරයට රටේ දේශපාලන නායකත්වය වගකිව යුතුයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් රටේ දේශපාලන නායකත්වය වගකිව යුතු බවත් රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීම ආණ්ඩුවේ වගකීම යැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද (29) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ ප‍්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් පෙත්සම් ගොනු කර ඇති කතෝලික පියවරුන් පිරිසක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

පාස්කු ඉරිදා කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද (29) දෙවැනි දිනයටත් පැවැත්වූ අතර එහිදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව කියා සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණ හමුවේ කරුණු දැක්වමින් මෙසේද පැවසීය,

මේ සිද්ධියෙන් විශාල ජීවිත හා දේපළ හානි සිදු වුණා. රටට ආර්ථික හානි සිදුවුණා. රටට ආර්ථික හාන සිදු වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් තිබියදී බලධාරීන් නිසි පියවර ගෙන නැහැ. මේ හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී තිබෙනවා.

ජනතාවට ආරක්ෂාව ලබා දීම බලධාරීන්ගේ වගකීමයි. ජනතාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. ජනාධිපති ලේකම්වරයා මෙම සිද්ධිය පිළිබඳව දැනුම්වත් තිබෙන බවත් එක් දිවුරුම් ප‍්‍රකාශයකින් සනාථ වෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව සෘජුවම දේශපාලන නායකත්වය වගකිව යුතුයි. වගඋත්තරකරුවන්ගේ දිවුරුම් ප‍්‍රකාශවලින් තහවුරු වනවා බැලූ බැල්මට මෙහි නඩුකරයක් පවතින බවට’ යැයිද පැවසීය.

Recommended For You

About the Author: Editor