Enterprise sri lanka අනුරාධපුර ප‍්‍රදර්ශනයේදී ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 16ක ණය

පසුගිය දා අනුරාධපුරයේ පැවැති ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයේ දී ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 16 ක් වටිනා ණය මුදල් උතුරු මැද පළාතේ ව්‍යවසායකයින් සඳහා ප‍්‍රදානය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් මුදග් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ බැංකුවේ සභාපති නීතීඥ සුජිත් කාරියවසම් මහතා අතින් මෙම ණය මුදල් ව්‍යවසායකයින් 60 දෙනෙකු සදහා ලබාදීම සිදුවිය.

රන් අස්වැන්න, ගොවිනවෝදා, රිවිබලසවි, සංචාරක පොඞ්ඩෝ, හරිත ණය යෝජනා ක්‍රම හරහා මෙම ණය ලබාදීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ උතුරු මැද පළාත් කාර්යාලය වෙතින් සිදුවිය.

රජයේ දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමයක් වන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමයට මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ වැඩිම දායකත්වය ලබාදී ඇත්තේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් බව සඳහන් වේ.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 50 ක ණය මුදලක් බැංකුවට ලබාදී ඇත්තේ මෙරට තරුණ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වා ඔවුන් ජාතික ආර්ථිකයට ශක්තිමත් ලෙස දායක කරගැනීම වෙනුවෙනි.

එමෙන්ම පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් හානියට පත් සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් නගාසිටුවීම වෙනුවෙන් ‘සංචාරක පොඩිඩෝ’ නමින් නව ණය යෝජනා ක්‍රමයක්ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ක්‍රියාත්මක කරයි. මෙම ණය යෝජනා ක්‍රමයේ ඇති වැදගත්කම වන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා පමණක් එය ක්‍රියාත්මක වීමයි.

සියයට සියයක් රාජ්‍ය ආරක්ෂාවක් සහිත දිවයිනේ ප්‍රමුඛතම සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වසර 34ක අභිමාවත් ඉතිහාසයකට හිමිකම් කියයි. ශාඛා 274 ක් සහ ගණුදෙණුකරුවන් මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් බැංකුව සතුවන අතර ගෙවීගිය කාලය තුල මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රාශියක් ජාතික ආර්ථිකයට දායාද කොට නිහඬ සේවයක් සපයා තිබේ

Recommended For You

About the Author: Editor