අගෝස්තු 11 සම්මේලන වේදිකාවට ශ‍්‍රී.ල.නි.ප ප‍්‍රබලයෝ රැසක්- ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

වත්මන් ආණ්ඩුව බිඳහෙලීමේ වැඩපිළිවෙළට එක් වන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලයි.

අගෝස්තු 11වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පක්ෂ සම්මේලන වේදිකාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් රැුසක් එක්වනු ඇතැයි අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විශ්වාසය පළ කළේය.

වර්තමානය වන විට බිම් මට්ටමේ ශ‍්‍රී ලාංකික නිදහස් පාක්ෂිකයින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වී ඇති බව නොරහසකි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති වලින් බහුතරයක් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද ප‍්‍රතිපත්ති වී තිබේ. එහි ප‍්‍රමුඛ ප‍්‍රතිපත්තිය වන්නේ එක්සත් ජාතික පක්ෂ විරුද්ධ බලවේගයක් බිහිකිරීමයි. එම පරමාර්ථය මූලික කරගෙන බිහිවන වාමාංශික බලවේගයට එක්වන්නැයි ඒ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටී.

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ජනතාවගෙන් එල්ල වූ බලවත් විරෝධය හමුවේ ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍ය වරුන් නැවත දිවුරුම් දීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී බී රත්නායක මහතා සදහන් කලේ ආණ්ඩුව මුස්ලිම් ජනතාවට සැලකීම වෙනුවට මුස්ලිම් අමාත්‍යවරුන්ට වරදාන වරප‍්‍රසාද ලබාදෙමින් සිටින බවයි.

රටේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් ආර්ථිකය ගොඩනැංවීම උදෙසා ආරක්ෂාව තහවුරු කරමින් යන ගමනකට නායකත්වය දීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලූ සුදුසුකම් සපුරා ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor