රට කුඩු – කසළ මධ්‍යස්ථානයක් වුණේ ප‍්‍රතිපත්තියක් නැති නිසයි – ඇමැති චම්පික රණවක

ශ‍්‍රී ලංකාව කුඩු මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් කසළ මධ්‍යස්ථානක් බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ රටට ප‍්‍රතිපත්තියක් නැතිකම සහ ඍජු වැඩපිළිවෙළක් නැතිකම නිසා බව ඇමැති චම්පික රණවක මහතා කියයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 20ක වියදමින් සාලාව යුද හමුදා කඳවුර පිපිරීමෙන් හානි වූ ව්‍යාපාරික ස්ථාන සඳහා ඉදිකළ නව වෙළෙඳ සංකී්රණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අපේ රටේ ඉතාම වැදගත් මේ භූගෝලීය පිහිටීම. මේ රටේ වරායවල්වලින් ගුවන්තොටුපලවලින් මේ රට ගොඩ යන්න පුළුවන්. නමුත් මොකද වෙලා තියෙන්නේ. එක් පැත්තකින් මත් කුඩු ගේන මධ්‍යස්ථානයක් බවට ලංකාවේ මේ භූගෝලීය පිහිටීම මත්කුඩු ජාවාරම්කාරයා පත්කරගෙන.

දැන් ඊළගට මේ ඊයේ පෙරේදා ප‍්‍රශ්නනය, මොකද්ද, ලෝකයේම තියෙන පාවිච්චි කළ පරිහරණය කළ එහෙම නැත්නම් කැලිකසළ හැටියට තිබෙන බඩු භාණ්ඩ ගෙන්වන මධ්‍යස්ථානය බවට මේක පත්වෙලා. දැන් 2013 පනතක් සම්මත කළා මහින්ද රාජපක්ෂ මැතිතුමා. මොකද්ද ඒකෙන් අදහස් කළේ, ලංකාවේ වරාය පද්ධතිය කේන්‍ද්‍රස්ථානයක් කරගෙන විදේශ රටවලින් යම් යම් බඩු ගෙනවිත් නැවත පිටරටට යවන ක‍්‍රමවේදයක් ඇතිකළා. දැන් ඒ පනතින් මොකද වෙලා තියෙන්නේ, විදේශ රටවල ඉස්පිරිතාලවල කුණු, විදේශ රටවල තවත් තැන්වල පරිහරණය කරන ලද භාණ්ඩ අතිවිශාල ප‍්‍රමාණයක් ලංකාවට ගෙනවිත් තියෙනවා පසුගිය කාලයේ. මොකද ඒ රටවල ඒවා කරගෙන යන්න බෑ අතිවිශාල ධනස්කන්ධයක්  ඕනෙ වෙනවා.

මේක අපේ රටේ විතරක් වුණු දෙයක් නෙවෙයි. මේ ලගදී කැනඩාවේ කුණු වගයක් ගෙන ගියා මැලේසියාවට. ඒවා ආපසු හරවා යැව්වා. චීනයට කුණු යැව්වාම චීනය ආපසු හරවා යැව්වා. දැන් අපේ රටටත් ඒ ලේඬේ බෝ වෙලා තියෙනවා. ඉතින් මේවා අපි මතක තියාගන්න  ඕනෙ. වාණිජ්‍ය මධ්‍යස්ථානයක්, නාවුක මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක් කරගෙන තිබෙන මේ රට කුඩු මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් කසළ මධ්‍යස්ථානක් බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ අපේ ප‍්‍රතිපත්තියක් නැතිකම. අපට ඍජු වැඩසටහනක් වැඩපිළිවෙලක් නැතිකම නිසා බව පැවසීය.

Recommended For You

About the Author: Editor