Top news of the day: කැබිනට් තීරණ මෙන්න…

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුවල සාරංශය.

මැතිවරණ කොමිෂම සඳහා නව වාහන මිලදී ගැනීම.

මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම.

1982 අංක 41 දරන ජාතික සත්වෝද්‍යාන පනත සංශෝධනය කිරීම.

ත‍්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශය මූලික අමුද්‍රව්‍ය ගබඩා කිරීමට ධාන්‍ය ගබඩා දෙකක් ඉදිකිරීම.
ජාතික සමූපකාර ප‍්‍රතිපත්තිය

හෝමාගම, පිටිපන මාහේන වත්තේ පිහිටි ඉඩම් කොටස් මිනුම් ඒකක ප‍්‍රමති හා සේවා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත වෙන්කර දීම.

ශ‍්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ‘‘උක් බෝගය’’ ප‍්‍රධාන බෝගයක් ලෙස නම් කිරීම.

ජාතික ජලඡ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සහ එක්සත් රාජධානියේ ජලශ‍්‍රාස්ත‍්‍රීය කාර්යාලය අතර නව අබෝධතා ගිවිසුම සඳහා අනුමැතිය ලබා ගැනීම

වාරිමාර්ග ව්‍යාපාර, නිර්මිත හා ගංගා ඇළදොළ සඳහා වාරි රක්ෂිත සංශෝධනය කිරීම හා ප‍්‍රතිෂ්ඨාපිත කිරීම.

මාර්තු 21 මිනින්දෝරු දිනය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම.

කලාපීීය ගුවන් ගමන් මෙහෙයවීම සඳහා අභ්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම.
ශ‍්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම.

පොදුරාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ රැුස්වීම සත්කාරක රට ලෙස කටයුතු කිරීම 2019.
මූලික ව්‍යවස්ථා ඒකාබද්ධ කිරීම – දණ්ඩ නීති සංග‍්‍රහය සඳහා සංශෝධන.

කොළඹ විශ්වවිද්‍යාලයේ යෝජිත උපකාරක කලාපය සඳහා ගොඩනැගිල්ල ඉදිකිරීම.
ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි සහ රජරට යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීමට යෝජිත ගොඩනැගිලි සඳහා කොන්ත‍්‍රාත්තු ප‍්‍රදානය කිරීම.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් සහ සීමාවාසික වෛද්‍ය නිලධාරීන් සඳහා නිල නිවාස / නිවාස පහසුකම් ඉදිකිරීම.

ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය – ණය අංක 3027 ණය මුදල් ප‍්‍රතිපාදනය නොකරන ලද කොටස සහ ඉතිරිවීම් භාවිත කරමින් අතිරේක මාර්ග කොටස් පුනරුථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම.

කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සඳහා නව නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත ගොඩනැගිලි සංකීර්ණයේ නවීකරණ කටයුතු.

දේද්දුව ප‍්‍රදේශයේ ඒකාබද්ධ සංචාරක ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තය සඳහා ට‍්‍රැක්ටර් 30ක් ප‍්‍රසම්පාදනය කිරීම.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කිරිපිටි ආනයනකරුවන් අතර ගිවිසුම් පත‍්‍රිකාව.
වැවිලි අංශය සංවර්ධනය කිරීම.

‘ශ‍්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සන්නම් නාමය’ යළි පණනංවා ගොඩනැගීම සඳහා කෙටි කාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම.

Recommended For You

About the Author: Editor