ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා ඉල්ලා අස්වෙයි

ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

මාර්ෂල් පෙරේරා මහතා ඊයේ (31) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේදී ජනපතිවරයා හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි වාර්තා වෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව කලක් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අතර ඉන් පසුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටික කලක් කටයුතු කළා.

මීට මාස කිහිපයකට පෙර ආණ්ඩුකාරවරුන් අලුතින් පත් කිරීමේදී මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළා.

මාර්ෂල් පෙරේරා මහතා හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ පියා ද වෙනවා.

Recommended For You

About the Author: Editor