මරණ දණ්ඩණය අහෝසි කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂාංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් අද (01) පාර්ලිමේන්තුවට කළා.

මන්ත‍්‍රීවරයා විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ පෞද්ගලික මන්ත්‍රිවරයෙකුගේ පනත් කෙටුම්පතක් ලෙසයි.

කිසියම් පනතක මරණ දණ්ඩනය නියම කිරීම හෝ මරණ දඬුවමින් දඬුවම් කිරීම සම්බන්ධයෙන් කර ඇති සඳහනක් මෙම පනත ක්‍රියාත්මක වීම සමඟ සහ ඉන් පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමින් දඬුවම් කිරීම ලෙස සංශෝධනය වන බව එහි සඳහන් වෙනවා.

මෙම පනත ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ නම් එම පුද්ගලයා එම වරද සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියම වූ පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවත් එහි දක්වා තිබෙනවා.

මේ අතර අද පැවැති උත්සවයකදී ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ තමන් විසින් මරණ දඬුවම යළි සක‍්‍රීය කිරීමට තීන්දු කළේ අනාගත පරපුර ගැන සිතා බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සඳහන් වුණේ වත්මන් ජනපතිවරයා මරණ දඬුවම වෙනුවෙන් පෙනී සිටියත් පොදුජන පෙරමුණු ජනපතිවරයෙක් මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකරනු ඇති බවයි.

Recommended For You

About the Author: Editor