චීරානුගත ටෙස්ට් ක‍්‍රිකට් සම්ප‍්‍රදායක් ‘අළු බඳුනෙදී’ බිඳ දමයි

ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ සුවිශේෂ කඩඉමක් පසුගිය 01 වැනිදා එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතර ආරම්භ වූ අළු බඳුන තරගාවලියේ දී සටහන් වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ දෙරටේම ක්‍රීඩකයන්ගේ ඇඳුම්හි පිටුපස එකිනෙකාගේ නම් හා ඔහුගේ නියමිත අංකය මුද්‍රණය කර තිබීමයි. ලෝක ක්‍රිකට් පිටියේ මෙවැන්නක් සිදුවූයේ පළමු වරට බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

මෙම සුවිශේෂ වීමට හේතු කිහිපයක් තිබෙනවා. එක්දින තරගවලදී වර්ණ ඇඳුම් පලඳින්නාක් සේම එහි ක්‍රීඩකයාගේ නම හා ඔහුට නියමිත අංකය ඇඳුමෙහි පිටුපස සටහන්ව තිබීම සාමාන්‍ය දෙයක්. නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අඳින සුදු වර්ණය සහිත ඇඳුමෙහි ඉදිරිපස ක්‍රීඩකයෙකු ටෙස්ට් වරම් දිනාගත් අංකය, තමන්ගේ රටෙහි නිල ලාංඡනය හා තවත් අතිරේක යමක් මුද්‍රිතව තිබෙන නමුත් ඇඳුමේ පිටුපස කිසිවක් සටහන් නොකිරීම සම්ප්‍රදායක් ලෙස මෙතෙක් පැවත ආවා.

නමුත් පසුගිය 01 දා එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ආරම්භ වූ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී වසර ගණනාවක සිට පැවත ආ මෙම සම්ප්‍රදාය බිඳ දමා තිබෙනවා.

ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් අරඹමින් දෙරටේම ක්‍රීඩකයන්ගේ ඇඳුම්හි පිටුපස එකිනෙකාගේ නම් හා ඔහුගේ නියමිත අංකය මුද්‍රණය කර තිබුණා. ලෝක ක්‍රිකට් පිටියේ මෙවැන්නක් සිදුවූයේ පළමු වරට බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

Recommended For You

About the Author: Editor