ඩර්ඩන්ස් රෝහලෙන් ප්‍රථම වරට Re-do MIDCAB සැත්කමක්

මීට වසර 18 කට පෙර බයිපාස් සැත්කමක් සිදු කළ හදවත් රෝගියකු සඳහා පළමු වරට ඩර්ඩන්ස් රෝහල ඉතාමත් සාර්ථකව re-do Minimally Invasive Direct Coronary Artery බයිපාස් සැත්කම (Re-do MIDCAB) සිදු කරන ලදි. පපුවේ වම් පැත්තේ සිදු කරන සුළු කැපුමක් හරහා “re-do” MIDCAB සැත්කම ශ්‍රී ලංකාවේ දී සිදු කළ පළමු අවස්ථාව මෙය වේ.

ඩබ්ලියු. කරුණාරත්න මහතා ඔහුගේ පළමු හදවත් සැත්කම මීට අවුරුදු 18කට පමණ පෙර සිදු කර ගෙන තිබුණි. මෙම සැත්කම ඉන්දියාවේ දි සිදු කළ අතර ඉන්පසුව මෑතක් වනතුරුම ඔහු සාමාන්‍ය ආකාරයෙන් ජීවිතය පවත්වාගෙන ගිය අතර මෑතකදී නැවත වතාවක් රෝග ලක්ෂණ මතුවිය.

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය මත රෝගියා ඩර්ඩන්ස් හෘද මධ්‍යස්ථානය වෙත පැමිණෙන විටත් ඔහු හෘදයාබාධයකින් පෙළුණු අතර කලින් සිදු කරන ලද හදවත් සැත්කමින් බද්ධ කරන ලද එක් ධමනියක් පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතුණි. ඔහුගේ හදවතේ රුධිර සංසරණ වේගය 30% දක්වා පහළ බැස තිබුණි.

සැත්කම සිදු කළ හැකි තත්ත්වයට පත්වන තුරු ලබා දුන් ප්‍රතිකාර හරහා එය 40-45% පමණ ප්‍රමාණයක් දක්වා වර්ධනය කරන ලදි. හෘද වස්තුවේ පැවැති අවහිරතාවයන් සංඛ්‍යාව වැඩි බැවින් ස්ටෙන්ට් ප්‍රතිස්ථාපනයක් සිදු කළ නොහැකි අතර එකම විසඳුම වනුයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමය. නමුත් “Y” ක්‍රමවේදය භාවිත කර බද්ධ කිරීම් දෙකක් සිදු කිරීමට ශල්‍ය වෛද්‍යවරයා සමත් විය.

Recommended For You

About the Author: Editor