

සාමාන්‍යයෙන් මිනිසෙකුට තිබෙන්නේ දත් 32යි. නළ දතුත් තිබුණොත් ඊට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන්.
ඒත් දත් 526ක්, ඒ ගැන හිතා ගන්නත් බැහැ.
ඒත් දත් 526ක් සහිත හත් හැවිරිදි පිරිමි දරුවෙකු පිළිබද පුවතක් ඉන්දියාවව් චෙන්නායි නුවරින් වාර්තා වෙනවා.
ඉන්දියානු දරුවෙක් මුඛය ආශි‍්‍රතව හටගත් වේදනාවක් හේතුවෙන් දන්ත වෛද්‍යවරයෙකු මුණගැසි තිබෙනවා. එහිදී වෛද්‍යවරයා සිදුකළ පරීක්ෂාවේදී දරුවාගේ මුඛයේ දත් 526ක් දක්නට ලැබී තිබෙනවා.
දරුවාගේ මුඛයේ පහළ ඇන්දේ ද්‍රව පිරුණු කෝෂයක් ද පවතින බවට හඳුනා ගෙන ඇති අතර එම කෝෂය තුළ ද කුඩා දත් රැසක් දක්නට ලැබුණු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
මෙය මුළුමනින්ම අසාමාන්‍ය තත්ත්වයක් බව පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.