නිලමෝර්ගේ සතිඅග දේශපාලන විමසුම : UNP සුළුතර ආණ්ඩුව කළ ‘අලි වැඩ’

වත්මන් ආණ්ඩුව මේ සියලූ සංවර්ධන කටයුතු අඛණ්ඩවත් ඵලදායී ආකාරයෙනුත් ඉටු කරමින් සිටින්නේ පසුගිය රජය විසින් උරුම – කරුම කරදුන් බොහෝ අභියෝගයන්ට මුහුණ දෙමින් බව අප කිසිසේත් අමතක නොකළ යුතුයි. විශේෂයෙන් දැවැන්ත ණය කන්දක් ගෙවමින් ආණ්ඩුව ගෙනයන මෙම සංවර්ධන වැඩපිළිවෙළට ලැබෙන්නේ ගැරහුම්, කකුලෙන් ඇඳීම් මිස දිරිදීම් හෝ අගය කිරීම් නොවෙයි. කොටින්ම මේ තත්ත්වය සැලකිය හැකි වන්නේ තනි කකුලෙන් යන ගමනක් ලෙසයි.

‘‘බහුතරයක් නොමැති වුවත් අපේ ආණ්ඩුව ගත වූ වසර හතරකට අදික කාලය තුළ ජනතාවට විශාල මෙහෙයක් සිදු කළාග බහුතරයක් නොමැති අපට මෙතරම් විශාල සේවයක් රට වෙනුවෙන් කිරීමට හැකි වුණා නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තිබියදීත් රට සංවර්ධනය කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුව දැන් නැවතත් ආණ්ඩුබලය ඉල්ලන්නේ කුමක් සඳහා දැයි මම විමසනවාග බහුතරයක් නොමැතිව වත්මන් ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් මෙතරම් විශාල සේවයක් සිදු කර තිබෙන අවධියක එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ජනතාව විසින් ඉදිරියේදී බහුතර බලයක් ලබාදෙන්නේ නම් රට සංවර්ධනය කරා මෙහෙයවීම තව තවත් වේගවත් කළ හැකි වෙනවා’’

‘මේ සුළුතර ආණ්ඩුව පසුගිය අවුරුදු හතරට කළ වැඩ මදිද?’ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දා මේ ප‍්‍රශ්නය ඇසුවේ රෙජිම මාධ්‍යවේදීන්ගෙන් නෙමෙයි, ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීම වෙනුවෙන් පැවැති උත්සවයකදී ඔප්පු ලබා ගැනීමට පැමිණ සිටි ජනතාවගෙන් තමයි අගමැතිවරයා මේ ප‍්‍රශ්නය ඇසුවේ.

‘මේ රටේ, උපන් බිමේ බිම් අඟලක අයිතිය අහිමි 10,000,000ක් ජනතාවකට ඉඩම් හිමිකම ලබාදීම ම දැවැන්ත විප්ලවයක් නොවෙයිද ?’ අගමැතිවරයාගේ ප‍්‍රකාශයේ තිබුණේ එවැනි අදහසක්.

ඒත් මේ වන විට මේ රටේ බිමි අඟලක හිමිකම ලබාගැනීමට ඒ අහිංසකයින් දකින හීනයට කළ හැකි හැම අවමානයක්ම කරලා ඉවරයි. පෙරළන්න පුළුවන් හැම බාල්දියක්ම පෙරළලා ඉවරයි. අරමුණ වන්නේ වෙන කිසිවක් නෙවෙයි, වත්මන් ආණ්ඩුව ක‍්‍රියාත්මක කළ ඒ දැවැන්ත ප‍්‍රගතිශීලී පියවර ලත්තැනම ලොප්කර දැමීමමයි. ආණ්ඩුවට ඒ හරහා ලබාගත හැකි ජනතා ප‍්‍රසාදය නවතාලීමයි. මේ එකම එක සිදුවීමක් පමණයි. තවත් එවැනි සිදුවීම් සිය ගණනකින් වත්මන් ආණ්ඩුවේ පසුගිය වසර හතරක පාලනය පිරී තිබෙනවා.

මේ උත්සාහය ඒ අවුරුදු හතරටත් අඩු කාලය තුළ ‘සුළුතර ආණ්ඩුවක්’ වශයෙන් කළ ඒ දැවැන්ත ආර්ථික, දේශපාලන හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ, සංවර්ධනයන් ගැන විමසා බැලීමක් කිරීමයි. රෙජිම මාධ්‍ය, රෙජිම කසකරුවන් පුනපුනා කියන ආකාරයට මේ ආණ්ඩුව ‘‘සියඹගලා ගෙනාවෙම නැද්ද ?’’ කියා විමසා බැලීමයි.

බාල්දු නොකළ යුතු ‘සුළුතර ආණ්ඩුව’

වත්මන් ආණ්ඩුව ‘‘සුළුතර ආණ්ඩුව’’ යනුවෙන් බාල්දු කිරීම පසුගිය කාලය පුරාම අඛණ්ඩව සිදුවන දෙයක්. ඒත් ඇත්ත තත්ත්වය ගතහොත් 1994 සිට 2010 දක්වා කාලය පුරාම කිසිම මහ මැතිවරණයකින් ජයග‍්‍රහණය කළ පක්ෂය හෝ සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් 113ක බහුතරයක් ලබා ගත්තේ නැහැ. ඒ සඳහා හොඳම උදාහරණය 1994 මහ මැතිවරණයයි.

එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය අවසන් කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණ පිහිටවූයේ ද සුළුතර ආණ්ඩුවක්. පොදු පෙරමුණ සමග ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය එක් වූ විට ද ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබුණේ ආසන 112ක් පමණයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා වූ 2004 මහ මැතිවරණයෙන් බිහි වුණේ ද සුළුතර ආණ්ඩුවක්.

1994 ඉඳන්ම ආණ්ඩුව බහුතරය හොයා ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු සහ සුළුපක්ෂ මන්ත‍්‍රීවරු බිලී බා ගැනීම මගින්. ඒක 1994 දී චන්ද්‍රිකා බණ්ඩාර නායක ආණුඩුව එජාපයේ සුසිල් මුණසිංහ, විජේපාල මෙන්ඩිස් ආදීන් බා ගැනීමේ සිට මහින්ද රාජපක්ෂ යුගය දක්වා අඛණ්ඩව සිදු වුණා. මේ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය 3/2ක ඡුන්දයෙන් සම්මත කර ගත් ආකාරයයි. මහ මැතිවරණයෙන් ජනතාව ලබා නොදුන් 3/2ක බලයක් මහින්ද රාජපක්ෂ විසින් හදා ගත්ත ආකාරයට රටට රහසක් නොවෙයි.

මේ ගැන අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයින් පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාව පවා කියන්නේ ‘නඩු පෙන්වා බය ගන්නවා’ චන්ද්‍රිකා – මහින්ද ආණ්ඩුවට අවශ්‍ය බහුතරය හදා ගත්ත බවයි. එය අන්ත ¥ෂිත සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමයක් විදිහටයි පොදුවේ සැලකුණේ.

ඒත් මේ තත්ත්වය 2015 අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් පස්සේ වෙනස් වුණා. ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහ මැතිවරණයෙන් පසු බිහි වූ ආණ්ඩුවට සහයෝගය දීම සමග නිර්මාණය වූ ‘‘ජාතික ආණ්ඩුව’’ යටතේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් බිලි බා ගැනීම වෙනුවට ඔවුන් සමග සහයෝගී දේශපාලනය සිදු වුණා. එහි ප‍්‍රබල දුර්වලතා තිබුණත් මේ දේශපාලන සහයෝගය නිසා ඒකාබද්ධ විපක්ෂයේ සියලූම දේශපාලන සැලසුම් හා කඩාකප්පල්කාරී ක‍්‍රියාවන් දුර්මුඛ වුණා.

මේ තත්ත්වය තුළ ‘සුළුතර ආණ්ඩුව’ කියමින් අවමන් කිරීමට වඩා ඇත්තටම මේ සුළුතර ආණ්ඩුව කළ දේ ගැන වටිනාකමක් ලබාදීම විපක්ෂ දේශපාලනඥයින්ට කෙසේ වෙතත් හෘදසාක්ෂියක් ඇති ජනතාව විසින් කළ යුතුව තිබෙනවා.

දේශපාලන ප‍්‍රතිසංස්කරණ

2015 ජනවාරි/ අගෝස්තු මැතිවරණ ද්විත්වය විසින් වඩාත්ම අපේක්ෂා කළ කරුණ බවට පත්ව තිබුණේ ‘දේශපාලන ප‍්‍රතිසංස්කරණ’ බව අමතක නොකළ යුතු කරුණක්. විධායක බලතල කප්පාදු කිරීම, නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කිරීම, ජනවාර්ගික සංහිඳියාව යළි තහවුරු කරමින් ජාතික ගැටලූවට තිරසර දේශපාලන විසඳුමක් ලබා ගැනීම ආදි දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් ප‍්‍රමුඛ අවශ්‍යතාව බවට පත්ව තිබුණා.

ඒ අතර පසුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පසුව ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක් වුවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කිරීම ආදි දේශපාලන ප‍්‍රතිසංස්කරණ ජය ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. මෙහිදී අද වන විට දැඩි සංවාදයට භාජනය වී ඇති විධායක ජනාධිපතිවරයා සතු බලතල කෙසේ වෙතත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හරහා යළි විවර වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය සමස්ත සමාජයම මේ වන විට භුක්ති විඳිමින් තිබෙනවා.

මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සම්බන්ධ නඩු විභාගයේදී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය ක‍්‍රියාකළ ආකාරය දැක්විය හැකියි. අධිකරණය විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ අතකොළුවක් වනු වෙනුවට තීරණාත්මක ස්වාධීනත්වයක් සහ අදීනත්වයක් ප‍්‍රදර්ශනය කරනු අපිට පසුගිය කෙටි කාලය තුළ බොහෝ විට දැකගත හැකි වුණා.
මේ සමග තොරතුරු අයිතිවාසිකම් පනත ද සාකච්ඡුා කළහොත් මෙම පනත මගින් ප‍්‍රබල සුරක්ෂිතභාවයක් සහ විනිවිධභාවයක් රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ අභ්‍යාස කිරීමට බල කරන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතට මාරාන්තික ලෙස විරුද්ධ වූ එවකට ආණ්ඩුව අද එම පනත විසින් නිර්මාණය කළ අවස්ථාවන් අසීමිතව භුක්ති විඳීමයි.

සමාජ – ආර්ථික අසමානතාව ජය ගැනීම

පසුගිය වසර 04කට ආසන්න කාලය තුළ ආර්ථික හා සමාජයීය වශයෙන් දීර්ඝ කාලයක් පුරා පැවැති අසමානතා සහ නොසලකා හැරීම් අවම කර ගැනීම සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළා. ඒ අතර දීර්ඝ කාලයක් පුරා නොවිසඳී පැවැති ග‍්‍රාමීය නිවාස ගැටලූව සහ අඩු ආදායම්ලාභී ගැටලූ විසඳීමට ක‍්‍රියාත්මක වන වැඩපිළිවෙළ ප‍්‍රමුඛව සඳහන් කළ හැකියි.

1994 සිට 2015 දක්වා දශක දෙකකට ආසන්න කාලයක් ග‍්‍රාමීය නිවාස ගැටලූවට විධිමත් විසඳුමක් ලබා නොදීම නිසා නිර්මාණය වූ ඍණාත්මකතාවලට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුවට පසුගිය කාලය පුරාම සිදු වුණා. ඒ සඳහා ආණ්ඩුව මහත් උනන්දුවකින් යළි ගම්උදා ව්‍යාපාරය ක‍්‍රියාත්මක කළා පමණක් නොව එය රජයේ ප‍්‍රමුඛ හා අවධානය දිනාගත් වැඩපිළිවෙළක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට ද පියවර ගත්තා. ඒ තුළින්ම පමණක් මේ වන විට දශක දෙකකට ආසන්න කාලයක් ග‍්‍රාමීය සමාජය දැඩි අසහනයට පත් කළ ගැටලූවකට තිරසර විසඳුම් ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ සමග ම පසුගිය දා ලක්ෂ 6ක අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධි හිමිකම ලබා දීම ද සැලකිය හැකියි. එහි ආර්ථික උපයෝගීතාවය පිළිබඳ සැලකිය යුතු විවේචන තිබුණත් එහි විවේචකයින් නොදකින ‘සමාජයීය උපයෝගීතාවක්’ තිබෙන බව අප අමතක නොකළ යුතුයි. උදාහරණයක් ලෙස සමෘද්ධි හිමිකම ලැබීම සමග ග‍්‍රාමීය අඩු ආදායම්ලාභීන්ට තවත් පුළුල් පරාජයක විහිදෙන සුබසාධන සේවා රැුසක හිමිකම ලැබෙන බව අප අමතක නොකළ යුතුයි. උදාහරණයක් ලෙස සමෘද්ධිලාභීන් සඳහා සමෘද්ධි බැංකු හරහා හිමිකම ලැබෙන අඩුපොලී ණය ගැනීම් සඳහන් කළ හැකියි. අද බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශ ක්ෂුද්‍ර මූල්‍ය ජාවාරාම්කාරයින්ගේ කෙළිබිමක් බවට පත්ව තිබෙන්නේ පසුගිය කාලය පුරා මෙම ප‍්‍රදේශවල සැලකිය යුතු පිරිසක් සමෘද්ධි බැංකු, දිවිනැඟුම බැංකු ආදි විධිමත් සහන ණය මූලාශ‍්‍රවලින් ඈත් කිරීම හේතුවෙන් බවයි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

‘‘සමෘද්ධිලාභියෙකුට සමෘද්ධි බැංකුව හරහා අඩුපොලී හෝ සහන ණය ලබාගත හැකියි. ඒත් සමෘද්ධි හිමිකම නැති තවත් අඩු ආදායම්ලාභියෙකුට එවැනි ණයක් හෝ සහනයක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා ඔවුන් පහසුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාවේ ගොදුරු බවට පත්විය හැකියි. ඒ නිසා ආණ්ඩුව පසුගිය දා ලක්ෂ 6ක් වන පුද්ගලයින් පිරිසකට සමෘද්ධි සහනාධාරය ලබාදීම සමග ඔවුන් ද මේ බැංකු හා මූල්‍ය යාන්ත‍්‍රණයට එක් වීමේ අවස්ථාව හිමිකර ගන්නවා. එවිට ඔවුන්ටත් මේ බැංකු පද්ධතිය හරහා අදාළ පහසුකම් ලබාගත හැකියි’’

මේ සම්බන්ධයෙන් වන බොහෝ දෙනෙක් නොදකින සමාජයීය උපයෝගීතාවය ගැන ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ණයගැතිභාවය ගැන විශේෂඥයෙක් ඉහත සඳහන් ප‍්‍රකාශය කළා.

ඉහත සඳහන් කළ ගම්උදා ව්‍යාපාරය, සමෘද්ධි හිමිකම පුළුල් කිරීම සමග ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහනත් ග‍්‍රාමීය අංශය තුළ ප‍්‍රමුඛව ක‍්‍රියාත්මක වීම සමග ග‍්‍රාමීය අංශය තුළ දැවැන්ත පුනර්ජීවනයක් සිදුවීම අපට අපේක්ෂා කළ හැකියි.

එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා

ආර්ථික විශේෂඥයින් උපුටා දක්වන ආකාරයට ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව ප‍්‍රතිශතය ලොව අවම මට්ටමෙයි තිබෙන්නේ. එය සියයට 03ක් පමණ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අපේ අසල්වැසි ඉන්දියාවේ එය සියයට 18ක් වන අතර චීනයේ එම අගය සියයට 19ක් පමණ වෙනවා.
ශ‍්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය අතිෂය දුර්වල වීමට ප‍්‍රමුඛ හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ප‍්‍රධාන වන්නේ අදාළ ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ‘මූලික ප‍්‍රාග්ධනය’ සම්පාදනය කර ගැනීමට අති බහුතරයකට හැකියාවක් නොවීමයි.

බැංකු පද්ධතිය හරහා ණය මුදලක් ලබා ගැනීමේ ස්ථාවර ඇප (ඉඩම්) තැබීමට නොහැකි වීම මේ අතර ප‍්‍රමුඛයි. එහෙත් මේ වන විට ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරමින් තිබෙන ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටන සමග මෙම ගැටලූවට විසඳුමක් ලැබෙනු ඇතැයි සිතිය හැකියි. එහෙත් බැංකු පද්ධතියට හරහා ණය ලබා ගැනීමේ දී ගෙවීමට සිදුවන අධික පොලිය පිළිබඳ ගැටලූවත් නිසි පරිදි විසඳා නොගතහොත් ඉඩම් හිමිකම ලබාදීම සමග නිර්මාණය වන වාසිදායක බව අත්පත්කර ගත නොහැකියි. එය වහාම මෙන්ම ඵලදායී ලෙස විසඳා ගත යුතු ගැටලූවක්.

ව්‍යවසායකත්ව හැකියාව අතින් දුර්වල ජාතියක් හෝ නිෂ්පාදකයින්ට ස්වභාවයෙන්ම හිමිවන ඉරණම ගැන අපි කවුරුත් දන්නවා. කොතරම් හොඳ දේ නිෂ්පාදනය කළත් නිසි මිලක් හෝ වටිනාකමක් නොලැබෙන තත්ත්වයක් තුළ අනෙක් වටයෙන් දරිද්‍රතාව නිර්මාණය වන බවයි පොදු පිළිගැනීම වන්නේ.

පසුගිය දශක කිහිපයක් පුරා ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව හැකියාවන් ප‍්‍රවර්ධනයට අනුබල නොදුන් හෝ අවධානය යොමු නොකළ නිසාවෙන් අඩපණ හෝ දුර්මුඛ වූ ව්‍යවසාය ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට වත්මන් ආණ්ඩුව විසින් ‘එන්ටප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා’ වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබෙනවා. නව ව්‍යවසායකයින් දස ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මුදල් ඇමැති මංගල සමරවීර මහතාට අනුව මේ වන විට මෙම වැඩසටහන හරහා රුපියල් කොටි 8800ක් ව්‍යවසායකයින් 55,000ක්ට ආසන්න පිරිසක් වෙත මුදා හැර තිබෙනවා.

මෙතරම් කෙටි කාලයක් තුළ, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත රුපියල් කෝටි 8800ක ණය ලබාදීමක් සිදුව නැති බව මූල්‍ය ක්ෂේත‍්‍රයෝ ප‍්‍රවීනයින් විසින් පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හරහා නව ව්‍යවසායකයින් බිහි වෙනවාට අමතරව රැුකියා ජනනය, අගය එකතු කිරීම ඇතුළු තවත් වට කිහිපයකින් ආර්ථික ක්ෂේත‍්‍රයේ සක‍්‍රීය වීමක් අපේක්ෂා කළ හැකි බවයි.

කෘෂිකාර්මික හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය

ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ් තිරසර සංවර්ධනයක් වෙනුවෙන් පසුගිය කාලය තුළ දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. ඒකලව සැලකුවත් මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය වෙනුවෙන් පමණක් රජය විසින් දැරූ අයෝජනය රුපියල් කෝටි 25,000ක් බවයි වාර්තා වන්නේ. ඊට සමගාමීව ‘‘වැව් දහසක් ගම් දහසක්’’ ආදී ව්‍යාපෘති තුළින් ද කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ අති දැවැන්ත ආයෝජනයක් පසුගිය කෙටි කාලය තුළ සිදුව තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් මේ තත්ත්වය ගත්විට එහි ප‍්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මකව සිදුව ඇති සංවර්ධනය සුවිශේෂ බවක් පෙනී යනවා. පාසල් පද්ධතිය දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටි ගොඩනැගිලි, සනීපාරක්ෂ පහසුකම් ආදි භෞතික ගැටලූවලට විසඳුම් ලබා දෙමින් ද ‘සුරක්ෂා’ රක්ෂණය ලබා දෙමින් ද ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරමින් ද පසුගිය සිවුවසර පුර අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුවන අඛණ්ඩ සංවර්ධනය සඳහා පමණක් රජය රුපියල් මිලියන 80,000ක් වැයකර ඇති බව සඳහන් වෙනවා.

සෞඛ්‍ය හා නාගරික සංවර්ධනය

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අරක් ගෙන සිටින දේශපාලන අවස්ථාවාදීන් කිහිප දෙනකු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාව දැඩි විවේචනයට ලක් කළත් සේනාරන්ත මහතා යටතේ පසුගිය සිවුවසර තුළ සෞඛ්‍ය කේෂත‍්‍රයේ වර්ණවත් ප‍්‍රගතියක් සිදුව ඇති බවයි පෙනී යන්නේ අත්‍යවශ්‍ය ඖෂධවල මිල ගණන් විශාල වශයෙන් පහළ දැමීමේ සිට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඍජු සංවර්ධනයට අදාළ දැවැන්ත ආයෝජනයක් පසුගිය කාලය තුළ සිදු වුණා. එහෙත් දේශපාලන අතකොළු බවට පත් වෘත්තීය සමිති විසින් රජය විසින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුකළ දැවැන්ත පරිවර්තනය සඟවාලමින් සිටිනවා.

නාගරික සංවර්ධනය ගැන ද පසුගිය සිවුවසර තුළ ආණ්ඩුව විසින් අත්පත්කර ගත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් ‘කොළඹ කේන්ද්‍රියව’ දියත් කළ හුදු ප‍්‍රදර්ශනකාමී සංවර්ධනයෙන් ඔබ්බට ගිය හරයාත්මක සංවර්ධනයක් බව සඳහන් කළ යුතුයි. විශේෂයෙන් නාගරික නිවාස ගැටලූව, ප‍්‍රවාහන ගැටලූවලට විසඳුම් ලබා දෙමින් ක‍්‍රියාත්මක වන සංකීර්ණ සහ නවීන වැඩසටහන් රැුසක් දීපව්‍යාප්ත මට්ටමින් මේ වන විට සිදුවෙමින් තිබෙනවා.

පසුගිය පාලන විසින් වැඩි වැඩියෙන් ලකුණු දා ගන්නා ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් වන්නේ ‘අධිවේගී මාර්ඟ’ යි. ඒත් වත්මන් රජය විසින් ද ඊට නොදෙවෙනි ආකාරයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග පද්ධතියක් අලූතින් නිර්මාණය කරනවාට අමතරව පසුගිය ආණ්ඩුව විසින් අතරමග නවතා දමා තිබූ අධිවේගී මාර්ග පද්ධතියේ බොහෝ තැන් අවසන් කරමින් සිටින බව බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වන්නේ නැහැ.

රාජ්‍ය සේවක හා විශ‍්‍රාමික වැටුප්

අද බොහෝ දෙනකුට පහසුවෙන් අමතක කළත් වත්මන් ආණ්ඩුව බලයට පත් වූ වහාම රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ නැංවූවා පමණක් නොව විශ‍්‍රාමිකයින් සඳහා වන විශ‍්‍රාම වැටුප් විෂමතා ද ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසර 04ක් ගත වන විට රාජ්‍ය සේවක වැටපු පමණක් රුපියල් 12500කින් ඉහළ දමා තිබෙනවා.

ඒ සමග රාජ්‍ය සේවයට බඳවා ගැනීම් පුළුල් කරමින් ද දේශපාලන ඇඟිලි ගැසීම් ඉවත් කරමින් ද එහි ස්වාධීනත්වය ආණ්ඩුව විසින් තහවුරු කරන්නේ මහින්ද රාජපක්ෂ පාලනයේ (2012) උපාධිධාරීන්ට පවා රජයේ රැකියා 16,800ක් ලබා දෙමින්.

මේ සියල්ල කළේ ණය කන්ද ගෙවමින්

වත්මන් ආණ්ඩුව මේ සියලූ සංවර්ධන කටයුතු අඛණ්ඩවත් ඵලදායී ආකාරයෙනුත් ඉටු කරමින් සිටින්නේ පසුගිය රජය විසින් උරුම – කරුම කරදුන් බොහෝ අභියෝගයන්ට මුහුණ දෙමින් බව අප කිසිසේත් අමතක නොකළ යුතුයි. විශේෂයෙන් දැවැන්ත ණය කන්දක් ගෙවමින් ආණ්ඩුව ගෙනයන මෙම සංවර්ධන වැඩපිළිවෙළට ලැබෙන්නේ ගැරහුම්, කකුලෙන් ඇඳීම් මිස දිරිදීම් හෝ අගය කිරීම් නොවෙයි. කොටින්ම මේ තත්ත්වය සැලකිය හැකි වන්නේ තනි කකුලෙන් යන ගමනක් ලෙසයි.

Recommended For You

About the Author: Editor