යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට දිගටම අතහිත

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ ආරක්ෂක ක්ෂේත්‍රයන් සඳහා අඛණ්ඩවම සහාය ලබාදෙන බව යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ ගුනාර් විගන්ඩ් මහතා පවසයි.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනී ග්‍රේස් ආශිර්වාදන් මහත්මිය සමඟ බ්‍රසල්ස් නුවර දී පැවැති විශේෂ හමුවක දී විගන්ඞ් මහතා මේ බව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ගුනාර් විගන්ඞ් මහතා සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය මෙන්ම G S P + පහසුකම වඩාත් හොඳින් භාවිතා කිරීමෙන් ද්විපාර්ශ්වික වෙළෙඳාම තව දුරටත් ව්‍යාප්ත කිරීමේ හැකියාව තිබෙන බවද එම මාර්ග ඇතුළු දේශපාලන, ආරක්ෂක හා ආර්ථික ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවයි.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ තානාපති ග්‍රේස් ආශිර්වාදන් මහත්මිය බ්‍රසල්ස් හි රාජකාරි භාර ගැනීමෙන් පසුව යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ ගුනාර් විගන්ඩ් මහතා හමු වූවාය.

පසුගිය වසර කිහිපයේ යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා සබඳතාවල ධනාත්මක ගමන් මඟ පිළිබඳ විගන්ඩ් මහතා මෙහිදී අවධානය යොමුකර තිබෙන අතර මෙම සබඳතා අඛණ්ඩව වර්ධනය වන බවද එය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද විශ්වාසය පළකර තිබේ.

බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගීතාව සහ කලාපීය සහයෝගීතාව පිළිබඳ මේ සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබෙන අතර තමා ලබන වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ යුරෝපා සංගමය ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාවේ සම සභාපති ධුරය දරන බවට විගන්ඩ් මහතා වැඩිදුරටත් සඳහන්කර ඇත

Recommended For You

About the Author: Editor