සුපිරි පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසීට මාස තුනක පාපන්දු තහනමක්

ආර්ජන්ටිනා පාපන්දු නායක ලයනල් මෙසීට දකුණු ඇමෙරිකා පාපන්දු සම්මේලනය විසින් මාස තුනක පාපන්දු තහනමක් පනවා තිබෙන බව වාර්තා වෙනවා.

‘කෝපා ඇමෙරිකා තරගාවලිය’ දූෂිත එකක් බවට ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ දඬුවම පනවා ඇති බවයි වාර්තා කියන්නේ.

පසුගියදා අවසන් වූ තරගාවලියේදී ආජන්ටිනාව චීලි දේශය පරදවා තුන්වන ස්ථානයට පත් වූ අතර එහිදි මෙසී රතු කාඩ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.

තරගයෙන් අනතුරුව මෙසි ප්‍රකාශ කර තිබුණේ මෙම තරගාවලිය බ්‍රසීලයට ජයග්‍රහණය ලබා ගැනිම සකසා තිබු බවයි. ඒ හේතුවෙන් මාස තුනක ජාත්‍යන්තර පාපන්දු තහනමට අමතරව මේසිට ඇමෙරිකානු ඩොලර් 50,000ක දඩයක්ද නියම කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor