හච් මධ්‍යස්ථානය නවීන තාක්ෂණයෙන් සවිමත් වෙයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වන ජංගම විදුලි සංදේශන සහකරු වන හච්, වල්පොල පිහිටි සිය මධ්‍යස්ථානය නවීන තාක්ෂණයෙන් පූර්ණ නවීකරණයට ලක් කරමින් වෙළෙඳ පොළ ප්‍රමුඛස්ථානය තව දුරටත් තහවුරු කර ගනී.

තාක්ෂණික නවෝත්පාදනය සඳහා තමන් දක්වන කැපවීම පිළිබිඹු කරමින් හච් සමාගම දිවයින පුරා 4G ආවරණය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියේ අදියර දෙකක් ලෙස මෑතකදී බස්නාහිර සහ නැඟෙනහිර පළාත්වල 4G ජාලය දියත් කිරීමට කටයුතු කළේය. මෙහි තවත් පියවරක් ලෙස, මූලික ජාලය මත පදනම් වූ මෙරට ප්‍රථම පරිපූර්ණ NFV (Network Function Virtualization) තාක්ෂණයෙන් සිය මධ්‍යස්ථානය සවිබල ගැන්වීමට ද එම සමාගම කටයුතු කළේය.

එම තාක්ෂණය හරහා, සාම්ප්‍රදායික දෘඩාංග මත පදනම් වූ පද්ධති වෙනුවට විදුලි සංදේශන සේවා සඳහා වඩාත් පොදු තොරතුරු තාක්ෂණ සර්වරයකට යොමු වීම සඳහා මෙහෙයුම්කරුවන්ට අවස්ථාව හිමි වේ. මේ නව තාක්ෂණය හරහා, විදුලි සංදේශන යෙදවුම් සඳහාම විශේෂයෙන් සකස් කරන ලද සියලු විශේෂඥ පද්ධති ඕනෑම සම්මත තොරතුරු තාක්ෂණ සර්වරයක් මත ක්‍රියාත්මක වේ. ඒ අනුව අඩු ප්‍රාග්ධනයකින් නම්‍යශීලි සහ කඩිනම් යාවත්කාලීන කිරීම් සිදු කර ගැනීමට එමගින් අවස්ථාව උදා වේ.

Recommended For You

About the Author: Editor