
2020 වසරේ දී රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට හා අතරමැදි ශ්‍රේණිවලට සිසු සිසුවියන් ඇතුළත් කිරීමේ දී ඇතිවිය හැකි අක්‍රමිකතා මැඩළීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විදුහල්පතිවරු දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
අල්ලස් දූෂණ හා වෙනත් අක්‍රමිකතාවලින් තොරව චක්‍රලේඛ ප්‍රකාරව විනිවිද පෙනෙන ආකාරයෙන් පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක් ම ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
ලබන වසෙර් පළමුවැනි ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ආදි ශිෂ්‍ය නියෝජිත හා සංවර්ධන සමිති නියෝජිත සහ එම මණ්ඩලයේ සභාපති වශයෙන් විදුහල්පතිවරයා ද මේ වැඩසටහනට සහභාගීවීම අනිවාර්යය කර තිබෙනවා.
ප්‍රාථමික ශ්‍රේණි නොමැති පාසල්වල විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන* ද සහභාගී වියයුතු බවත් ඔවුනට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.