කළුතර – වස්කඩුව ලංගම – පුද්ගලික බස් ගැටී 6ක් මරුට 52කට තුවාල

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේදී බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පනස් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අද (04) පෙරවරුවේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

ඇල්පිටිය සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා මුලතිව් සිට තංගල්ල දක්වා ගමන් ගත් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙසේ අනතුරට පත්ව තිබෙනවා.

ලංගම බස් රථය කළුතර ප්‍රදේශයේ දී තවත් බවුසරයකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුව ඇති බවත් ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් තුන්දෙනෙකු ද තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙකු ද සිටින බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූවන් පානදුර රෝහලට හා කළුතර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා

Recommended For You

About the Author: Editor