භික්ෂූන් වහන්සේලාට අපහාස කරන අන්‍යාගමිකයින්ට දඬුවම් කළ යුතුයි – විපක්ෂ නායක

රටේ සමහර දේශපාලන නායකයින් අද ගරුතර මහා සංඝරත්නයට අපහාස කිරීමට පටන් අරගෙන. අපහාස කිරීමෙන් නොනැවතී අන්‍ය ආගමිකයින් වශයෙන් ඉඳගෙන රටේ සමඟිය සංහිඳියාව නැතිකරන්න හදන ක්‍රියාවක් ලෙසයි අපි මෙය දකින්නේ.

දේශපාලන නායකයින් තම තමන්ගේ පක්‍ෂවල ඉන්න එවැනි උදවිය ඉවත් කිරීමට, දඩුවම් කිරීමට පියවර ගත යුතුයි.

මේ තත්වයට වගකියන්න ඕනේ කවුද කියා ජනතාව තීන්දු කළ යුතුයැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (04) පෙරවරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ගුණානුස්මරන මන්දිරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

මෙම අවස්ථාවට අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඉන්දුනීසියාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය පඤ්ඤාවරෝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ගෞරවාර්හ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ද එක්වූහ.

Recommended For You

About the Author: Editor