

අද (04) පෙරවරුවේ ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වස්කඩුවේ දී සිදු වු අනතුර ලංගම බස් රථයේ රියදුරුගේ දැඩි නොසැලකිල්ල මත සිදු වී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.
අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.
ඇල්පිටියේ සිට කොළඹ බලා ගමන්ගත් මෙම ලංගම බස් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පෞද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, මෙම වසරේ ජනවාරි මස 01 වැනි දින සිට අගෝස්තු 02 දින දක්වා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 1629 දෙනෙක් මියගොස් ඇති බව ද සඳහන් කළා.
මෙම මාරක රියඅනතුරු වලින් සියයට 60ක ප්‍රමාණයක් රියදුරන් අපරික්ෂාකාරි ලෙස රථ ධාවනය කිරීමෙන් සිදු වු අනතුරු බවද, රියදුරන් කල්පනාකාරි ලෙස රථ ධාවනය කරන්නේ නම් මෙම සියයට 60 ක අනතුරු ප්රමාණ්ය වළක්වා ගැනීමට හැකි වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.