News of the day: ජනපති අපේක්ෂකයා රනිල් – සජිත් එකඟතාවෙන් පමණයි

මතභේදයට ලක්ව ඇති එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී යෝජනා වී ඇතැයි වාර්තා වේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (05) පස්වරුවේ පැවැත් වුණ අතර එම රැුස්වීමේදී සන්ධානය පිහිටුවීම පිළිබඳව ද සාකච්ඡ වී ඇත.

එහිදී බහුතර මන්ත‍්‍රීවරු පිරිසක් අවධාරණය කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා මුණ ගැසී එකඟතාවයක් ඇති කරගන්නා තෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිසිවක් සිදු නොකළ යුතු බවයි.

Recommended For You

About the Author: Editor