Press Conference: රටේ ආත්මගරුත්වය රැකදිය හැකි නායකයෙක් අද රටට අවශ්‍යයි – මහාචාර්ය ජී.එල්. පීරිස්

රටේ අනන්‍යතාවය හා ආත්ම ගරුත්වයට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙළ මැඩ පවත්වා රට ඉදිරියට ගෙන යන අපේක්ෂකයෙකු මේ වෙලාවේ අවශ්‍ය බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී අද (5) ජී.එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා,

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඊ කැන්වසින් වැඩසටහන ඉතා සාර්ථකව සිදු කරනු ලැබුවා. අපේ ඉලක්කය ගෙවල් ලක්ෂ 70ක් අවරණය කිරීමයි. එයින් සියයට 50ක් මේ දවස් දෙක තුළ අවසන් කරන්න අපිට හැකියාව ලැබුණා.

පසුගිය දින දෙක තුළදී අපි ලංකාවේ ගෙවල් ලක්ෂ 35ක් ආවරණය වන පරිදි අපේ පූර්ව මැතිවරණ ව්‍යාපාරය සිදු කරනු ලැබුවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සකස් කළ ඊ කැන්වසින් නව වැඩසටහන ඉතාමත් සාර්ථකව සිදු කරන්න ලැබීම අපේ පක්ෂයට ලොකු ශක්තියක් වුණා.

එක්සත් ජාතික පක්ෂය මේ වෙනවිට වනවිට බරපතළ අර්බුදයක ඉන්නවා. ඔවුනට තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්න බැරිවෙලා. ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නමින් සංවිධානයක් සෑදීමට දැවැන්ත උත්සාහයක් දරමින් සිටිනවා. ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම අද දවසේ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී විශාල උත්සවයක් පවත්වලා කරන්න මේ අය තීරණය කරලා තිබුණා. පක්ෂය තුළම නිර්මාණය වෙලා තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය නිසා එම සන්ධානය සකස් කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ඔවුන් තෝරා ගන්න උත්සහ කරන අපේක්ෂකයාට ඔවුන් අතර පවතින එක් එක් ක`දවුරු වල විරෝධය මතු වෙලා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට වඩා හාත්පසින්ම වෙනස්. අපේ ජාතික සම්මේලනය අගෝස්තු එකොළොස් වැනිදා හවස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී සාර්ථක ලෙස සිදුක්රීමට අපි සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. එදාට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වශයෙන් නමි කිරීමට නියමිතයි. එතුමා මුල ඉඳලම පක්ෂයේ නායකත්වය ගෙන කටයුතු කළත් අගෝස්තු 11 වැනිදා එය නිළ වශයෙන් ප‍්‍රකාශ කිරීමක් සිදුවෙනවා. නිළ වශයෙන් එම නායකත්වය භාර ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අපේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට සූදානම් වෙලා ඉන්නවා. එම අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනටමත් සමස්ත ලංකාවේම ජනතාවගේ දැඩි ඉල්ලූමක් තිබෙනවා. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කලින් නම් කරන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කැමති වුනේ නැහැ. නමුත් එය නම් කිරීමට හැකි හොඳම අවස්ථාව මෙය බව එතුමා තීරණය කොට තිබෙනවා. අපි ජනාධිපති අපේක්ෂකයා තෝරා ගෙන තිබෙන්නේ රටෙි අවශ්‍යතාවය සහ ප‍්‍රමුඛත්වය මූලික කොට ගෙනයි.

ඉන් පළමු වැන්න වන්නේ විනයයි. රටේ විනය හදන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා. දෙවැනි කාරණාව වන්නේ ජනතාවගේ ආරක්ෂාව නොමසුරුව ලබා දෙන්න පුළුවන් නායකයෙක් රටට අවශ්‍යයි කියන එකයි. ඒ හා සමගාමීව කාර්යක්ෂම ආණ්ඩුවක් අපේ රටට දැන් අත්‍යාවශ්‍යයි. අද රට පත්වෙලා තිබෙන අරාජිකත්වය නැති කරලා රටේ ජනතාවට නැගී සිටීමට ශක්තිය හා අධිෂ්ඨානය ලබාදෙන නායකයෙක් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම නායකත්වය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසය පල කරන්න පුළුවන් නායකයෙක්ම ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

රටේ අනන්‍යතාවය හා ආත්ම ගරුත්වයට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙළ මැඩ පවත්වා රට ඉදිරියට ගෙන යන අපේක්ෂකයෙකු මේ වෙලාවේ අවශ්‍යයි. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට රටපුරාම කිසිම භේදයකින් තොරව විශාල ජන සහයෝගයක් ලැබෙමින් පවතිනවා. එහිදී ජාතිකත්වය පිළිබඳ සීමා නැහැ. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අද පුන පුනා බලා සිටින්නේ එඩිතර ශක්තිමත් නායකයෙකු තමන්ට රැුකවරණය ලබා දෙන තුරුයි.
පාස්කු ප‍්‍රහාරයෙන් පස්සෙ මුස්ලිම් දමිළ නායකයින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා හමුවනා. ඔවුන් ඉතා ආවේගයෙන් සඳහන් කළේ අපේ රජය ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම දෙයක් කළේ නැහැ කියලයි. බෙලහීන රජයක් වශයෙන් ඔවුන් වත්මන් රජය හැඳින්වූවා. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාට බලයක් නැති උනත් කරන්න පුළුවන් හැම දෙයක්ම ඒ අය වෙනුවෙන් කරන්න එතුමා පැකිලූනේ නැහැ.

2009 මැයි මාසයේ යුද්ධය අවසන් වුණත් එක්කම උතුරු පළාත් සභාව වෙනුවෙන් මැතිවරණය පැවැත්වූවා.උතුරු නැගෙනහිර ඉතිහාසයේ කවදාවත් නැති තරම් සංවර්ධනය කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. මං මාවත් පාසැල් රෝහල් කෘෂිකර්මාන්තය ඇතුළු විශාල සංවර්ධනයක් උතුරු නැගෙනහිර සිදු කිරීමට අපට හැකියාව ලැබුණා. 2019 එක්සත් ජාතික පක්ෂය බලයට බලයට වීමත් සමඟම සියල්ල ඇනහිටියා.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශයට රජය සිදුකළ දෙයක් නැහැ. 2015 මහින්ද රාජපක්ෂ රජය ආරම්භ කළ සියලූම සංවර්ධන වැඩසටහන් කඩා වැටුණා. යුද්ධය අවසන් වුණාට පස්සේ අවුරුදු විස්සකට පසුව උතුරු පළාත් සභා ඡුන්දය පවත්වලා ඒ ජනතාවට සර්වජන ඡුන්ද අයිතිය ලබා දෙන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළා. අද වෙනකොට සියලූම ආර්ථික හා සංවර්ධන කටයුතු කඩා වැටිලා. අද වෙන කොට උතුරු පළාත් සභාව සක‍්‍රීය තත්වයේ නැහැ. නැගෙනහිර පළාත් සභාව කල් ඉකුත් වෙලා අවුරුදු එකහමාරකටත් වැඩියි. දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිරට බලතල ඉල්ලූවාට අද වෙනකොට සියලූ බලතල මධ්‍යම රජය යටතේ ගොනු වෙලා තිබෙනවා.

දෙමළ සන්ධානය රජය සමඟ මෙම ප‍්‍රතිඵලය වෙනුවෙන් සාර්ථකව එකට වැඩ කළා. දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න දෙමළ ජාතික සන්ධානයට හෝ වෙනත් සන්ධානයට පුළුවන් කියලා කිසිම පදනමක් මත තර්ක කරන්න බැහැ. අපේ උත්සාහය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂ විරෝධී බලකඳවුර එකතු කරලා එයට නායකත්වය දීමයි.

ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි් සාදරයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. බිම් මට්ටමේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකුට ඡුන්දය භාවිතා කරයි කියලා කොහෙත්ම හිතන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය මොන සංවිධානය හැදුවත් මොන මට්ටමින් මැතිවරණය සඳහා ඉදිරිපත් වුණත් බිම් මට්ටමේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ගේ ඡුන්දය ලබා ගන්න ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැහැ.

රනිල් සජිත් කරූ කියන පාර්ශව තුනෙන් කවුරු ජනාධිපති අපේක්ෂකයා වුණත් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප‍්‍රතිපත්ති වෙනස් වන්නේ නැහැ. රටේ සම්පත් විකිණිම ස්වාධිපත්‍ය විනාශ කරන ගිවිසුම් වලට අත්සන් තැබීම දේශීයත්වය සහ දේශීය ආයතන අවතක්සේරු කිරීම එක්සත් ජාතික පක්ෂයේ මූලික ප‍්‍රතිපත්ති. ශ‍්‍රී ලංකාවේ විනිශ්චකාරවරුන් හමුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් ද අවස්ථාව ලබා දීම ඊට හොඳම උදාහරණයයි.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුව වැඩ කරමින් ජනතාවගේ ඍජු බදු වෙනුවට වක‍්‍ර බදු ඉහළ දමා ජනතාව අපහසුතාවයට පත්කිරීමයි. සෞඛ්‍යය අධ්‍යාපනය සමෘද්ධිය වගේ දේවල් වලට වෙන් කරන මුදල් අඩු කරල දේශීය නිෂ්පාදනය අධෛර්යමත් කරන්න වත්මන් ආණ්ඩුව ක‍්‍රියා කලා. කුඹුරු ගොඩ කරලා හෝටල් හදනවා කිව්වා. මේ වගේ ඒ ප‍්‍රතිපත්ති වලට එරෙහිව නැගී සිටින සංවිධාන මර්දනය කළා. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට ඡුන්දය දෙන්නෙ නැහැ. අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා වටා ගොනු වෙන්න කියල අපි එම ඡුන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

Recommended For You

About the Author: Editor