කේරළයට සහ මුම්බායිවලට තව දුරටත් ධාරාණිපාත වැසි

දින කිහිපයක් පුරා ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එම ප‍්‍රාන්තයට රතු නිවේදන නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ජල ගැලීම්වලින් එදිනෙදා කටයුතුවලට ද බලපෑම් එල්ලවී තිබෙන අතර මාර්ග කිහිපයකට හානි සිදුව තිබෙනවා.

මේ අතර මුම්බායි ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයකට වර්ෂාව හටගෙන තිබෙන අතර දුම්රිය මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා දුම්රිය ගමන් වාර කිහිපයක් නතර කිරිමටත් බලධාරින්ට පියවර ගක්තා. හානියට පත් ප‍්‍රදේශ පිළිබඳ චන්ද්‍රිකා ඡායාරූප ලබාගැනීමටත් බලධාරින් කටයුතු කර තිබෙනවා. මේ අතර ඇතැම් මුහුදු ප‍්‍රදේශ රළුවීමේ අවදානමක් මතුව තිබෙන හෙයින් මුහුදු යාමෙන් වළකින ධීවරයන්ට දැනුම්දී තිබෙනවා.

Recommended For You

About the Author: Editor