මෛත‍්‍රී – මහින්ද හමුවක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (05) රාත්‍රියේදී සිදු වූ බව ශ‍්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

ජනපති – විපක්ෂ නායක හමුවේදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව තමා මේ දක්වා නිල වශයෙන් කිසිවක් නොදන්නා බවයි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනපති අපේක්ෂකයා ලබන 11 වැනිදා නම්කිරීමට නියමිත අතර ඊට පෙර මෛත්‍රී – මහින්ද හමුවක් සිදුවන බවට දේශපාලන ආරංචි මාර්ගවල සඳහන් වුණා. ඒ අනුවයි ඊයේ මෙම හමුව සිදුව තිබෙන්නේ.

මෙම සාකච්ඡාව පැයකට අධික කාලයක් පවත්වා ඇති බව ද ජයසේකර මහතා සඳහන් කළා.

Recommended For You

About the Author: Editor