ලිබියාවේ ගුවන් ප‍්‍රහාර – සර්බියාවේ හමුදා කඳවුරක් පුපුරයි

ගුවන් ප‍්‍රහාරයකින් ලිබියාවේ 42ක් මරුට

ලිබියාවට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 42 දෙනෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

මියගිය පිරිස අතර සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන් නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන අතර යුරෝපා සංගමයේ විශේෂ අවධානය මේ සඳහා යොමුව තිබෙන බව ද සඳහන්.

සර්බියාවේ හමුදා මූලස්ථානයක පිරිපිරීමක්

මේ අතර සර්බියාවේ හමුදා මූලස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 07 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ගිනි අවි සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය රැසක් එහි ගබඩා කර තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පිපිරිම් සිදුවූ ප‍්‍රදේශ ආශ‍්‍රිත ගම්මාන රැසකින් ජනතාව ඉවත් කිරිමට බලධාරින් පියවර ගෙන ඇති අතර හමුදා මූලස්ථානය පිහිටි ප‍්‍රදේශයට හදිසි තත්ත්වයක් ද ප‍්‍රකාශ කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor