වැඩි වැඩියෙන් ඉන්දියාවේ වෙ‍ෙළඳපොළට ප්‍රවේශ වෙන්න

ලෝකයේ තුන්වැනි විශාලතම වෙළෙඳපොළ හා වේගයෙන් දියුණුව කරා යන වාර්ෂිකව සියයට 07 ඉක්මවා අඛණ්ඩව වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව සමඟ වැඩි වැඩියෙන් වෙළෙඳ ගනුදෙනු කිරීමේ වාසිය අත්විඳින්නැයි උපායමාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා මෙරට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ (05) උදේ ඉන්දියානු වෙළෙඳපොළ ජය ගැනීමේ උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

ඉන්දියාව සමඟ වැඩි වැඩියෙන් වෙළෙඳාම දියුණු කිරීමෙන් අපේ රටේ කර්මාන්තකරුවන්ට, ආයෝජකයින්ට වාසි අත්වන බව මේ උපායමාර්ගික සැලැස්ම මගින් හඳුනාගෙන ඇත.

උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ මෙරට ප්‍රමුඛපෙළේ ආයෝජන, වාණිජ මණ්ඩල සහ පර්යේෂණ ආයතන රාශියක ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මේ වාර්තා සකස් කොට ඇත. මෙම වාර්තාව එළිදැක්වීමෙන් නොනැවතී ඉදිරියේදී ඉන්දියාවේ මැද පාන්තික පාරිභෝගික ජනතාව දිනා ගැනීමට මෙරට නම් දැරූ සමාගම්වලට පමණක් නොව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ආයතනවලට ද ඉඩ ලබාදීම රජයේ අරමුණ බව ඇමැතිවරයා කීය.

මෙම අවස්ථාවට ඉන්දියානු වෙළෙඳ පොළ ජයගත් ශ්‍රී ලංකාවේ නම ගිය ව්‍යාපාරික ආයතන කිහිපයක ප්‍රධානීහු එක්වී සිටයහ.

Recommended For You

About the Author: Editor