Voice of Parliament: ටියුෂන් ගුරුවරුන්ට ඉගැන්වීමට පහසු වන පරිදි විෂය නිර්දේශ වෙනස් කරන්න බැහැ – අධ්‍යාපන ඇමැති

ටියුෂන් ගුරුවරුන් ට ඉගැන්වීමට පහසු වන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකි බවත් ජීව විද්‍යාව විෂය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද :06 පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මෙහිදී අධ්‍යපන ඇමැතිවරයා අවධාරණාත්මකව සඳහන් කළේ ජීව විද්‍යාව විෂය නිර්දේශය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙහි සඳහන් වූ කරුණු අසත්‍ය හා පදනම් විරහිත බවයි.

2019 වසරේ සිට ජීව විද්‍යාව විෂය ධාරාවෙන් GCE AL විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට 2017 වසරේ සිට නව විෂය නිර්දේශය හඳුන්වා දී ඇති බව කී ඇමැතිවරයා එහි පිටපත් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂා තුනෙන් ම ලබා දී ඇති බවත් පැවසුවේය.

විෂය ධාරා නවීකරණය කිරීමට ඇතැම් ගුරුවරු අකමැත්ත ප්‍රකාශ කරන බව කී අධ්‍යාපන ඇමැතිවරයා කාලීනව ගැළපෙන ආකාරයට විෂය ධාරා සංශෝධනය කර නවීකරණය කරන බව අවධාරණය කළේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අධ්‍යාපන ඇමැතිවරයා,

‘‘විෂය නිර්දේශය වෙනස් කරනවාට සමහර ගුරුවරුන් කැමති නැහැ. නවීන ලෝකයේ දැනුම ඉක්මනින් වෙනස් වෙනවා. දැනුම දෙගුණයක් වීමට ගත වන්නේ මාස 13ක් පමණයි. නව විෂය නිර්දේශය සඳහා ගුරු පුහුණුව හා ගුරු මාර්ගෝපදේශ ලබා දී නැති පාසල්වල නම් ලබා දෙනවා නම් මම ඒ පිළිබඳව විමර්ශනයක් කරනවා’’

Recommended For You

About the Author: Editor