
ඉන්දියාවේ හිටපු විදේශ අමාත්‍යවරියක සහ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ (6) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය කියයි.
හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඇය 67 හැවිරිදි වියේ පසුවූවාය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටුයුතු සම්බන්ධ අමාත්‍යවරියක වශයෙන් ඇය 2014 සිට මේ දක්වා සේවා කටයුතුවල නිරතව සිටියාය.