කැබිනට් තීරණ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (6) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කැබිනට් පත‍්‍රිකා පහත සඳහන් වේ

ශ‍්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත‍්‍රයන්හි ඇතිකර ගනු ලබන අවබෝධතා ගිවිසුම.

2016 වසරේදී ඇති වූ ගංවතුර තත්ත්වය නිසා හානියට පත් වූ නිවාස වෙනුවෙන් වන්දි පිරිනැමීම.
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සම්මුතියේ පැරිස් ගිවිසුමට අනුකූලව 2030 වන විට බලශක්ති ක්ෂේත‍්‍රයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම.

ශ‍්‍රී ලංකා පරිසරවේදීන්ගේ ආයතනය පිහිටුවීම.

ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිකර ඇති සංචාරක ආයතන සඳහා සංචාරක බද්ද ගෙවීම උදෙසා විලම්භන කාලයක් ලබාදීම.

යාල පලටුපාන සංචාරක කලාපයේ පිහිටි ඉඩමක් සිමාසහිත ‘වන් නේචර් (පුද්ගලික) සමාගමේ සහෝදර සමාගමට වෙන්කරදීම.

සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ සහායක ප‍්‍රජනක ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම.

මාලඹේ, තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි ඉඩම් කොටස් ශ‍්‍රී ලංකා රසායනාගාර පර්යේෂණායතනය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත වෙන්කර දීම.

ඔස්ටේ‍්‍රලියාවට අපනයනය කළ හැකි මල් සහ විසිතුරු පැළෑටිවල වර්ධක ප‍්‍රවාරණය විය හැකි ආයිතමවල ප‍්‍රරෝහණ හැකියාව නිෂ්ක‍්‍රිය කිරීම, උක් වගාවේ සුදු පත‍්‍ර රෝගය පාලනය කිරීම සහ වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය මර්ධනය කිරීම සඳහා ‘ග්ලයිෆොසේට්’ භාවිතා කිරීම.

කළමැටිය ධීවර වරාය ඉදිකිරීම මගින් බලපෑම් සිදුවන මාදැල් ධීවර කාර්මිකයින්ට සම්පූර්ණ වන්දි ලබාදීම.

ඉස්සන් වගාව සඳහා සකස් කරන ලද විශාල ගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීම වැළැක්වීම.

මීරිගම ප‍්‍රදේශය තුළ ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව මිශ‍්‍ර ජාතික පාසලක් පිහිටුවීම.

ශ‍්‍රී ලංකාවේ ස්වේච්ඡ සේවය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය.

මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටු සහ ශල්‍යාගාර සංකීර්ණය ඉදිකිරීම.

ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ ක‍්‍රියාත්මක ද්විතික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 25ක් සඳහා නාගරික යටිතල පහසුකම් සැපයීම.

මාතර – හක්මන මාර්ගයේ (බී 275) පළමු කිලෝ මීටර් දෙක පුළුල් කිරීම හා වැඩි දියුණු කිරීම.

ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාතේ සිවිල් වැඩ කොන්ත‍්‍රාත්තු පැකේජ පහක් ප‍්‍රදානය කිරීම.

2019 අයවැය යෝජනා 143: ශ‍්‍රීලංගම වෙත නවීන පහසුකම් සහිත භාවිතය පහසු බස්රථ ලබා ගැනීම.

Recommended For You

About the Author: Editor