පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කොමිසමක් ඕනෑ – මහින්ද රාජපක්ෂ

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා ප‍්‍රහාරය පිටුපස සිටින බලවේගවලට දඬුවම් කිරීමට ස්වාධීන පරීක්‍ෂණ කොමිසමක් කඩිනමින් පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තීරණය කළ බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිතුණු ආගමික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමඟ කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායකවරයාගේ නිල නිවසේදී අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී විපක්‍ෂනායකවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කළේය,

‘‘පාස්කු ඉරුදින ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය එල්ලවී මේ වනවිට මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්‍ෂණයක් සිදුනොවන බව පෙනෙන්නට තිබෙනවා. වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා රජය ඉක්මණින්ම තීන්දුවක් ගත යුතුයි. මේ තත්ත්වය තවදුරටත් ඇදෙන්නට දිය නොහැකියි.

Recommended For You

About the Author: Editor