ශාන්ත බණ්ඩාර D.B හේරත්ට දියවන්නාවේ දොර වසයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය හේතුවෙන් මනාප ලැයිස්තුව අනුව තමාට එම මන්ත්‍රී ධූරය හිමිවන නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ බව ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී මනාප ලැයිස්තු මන්ත‍්‍රී ධූරය ලබා ගැනීම පිළිබඳව ද දේශපාලන අංශවල අවධානය යොමුව තිබේ.

ඔවුන් දක්වන ආකාරයට අභාවප‍්‍රාප්ත සාලින්ද දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට සමීප අයෙකු වූ අතර සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වන අසුන සඳහා පත්වීමට හිමිකම ඇත්තේ මෛත‍්‍රී පාර්ශ්වය නියෝජනය කරන (ඊළඟට සිටින්නේ) ශාන්ත බණ්ඩාර මහතාටය.

එහෙත් ශාන්ත බණ්ඩාර මහතා මේ වන විටත් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී¥රයක් දරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන හෙයින් කුරුණෑගල දිස්ත‍්‍රික් එජනිස මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ ඞී.බී හේරත් මහතාය.

එහෙත් ඞී.බී. හේරත් මහතා ද මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අයෙකු හෙයින් ඔහුට මනාප ලැයිස්තුවෙන් පත්වීමට ඇති හැකියාව අවහිර කිරීමට ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වීම මගින් හැකියාව ලැබේ.

ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වීම සමග හිස්වන ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූරය සඳහා තමා කැමැති අයෙකු නම් කිරීමට ජනපතිවරයාට අවස්ථාව හිමිවේ.

Recommended For You

About the Author: Editor