සිම්බාබ්වේ දැඩි නියඟයෙන් ලක්ෂ 50ක් කුසගින්නේ

සිම්බාබ්වේ රාජ්‍යයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් 50 ලක්‍ෂයකට අධික පිරිසක් ආහාර අර්බුදයකින් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ වන විට රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද සිම්බාබ්වේ ජනාධිපතිවරයා විසින් ඊයේ (06) පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

නියඟය හේතුවෙන් පිරිසිදු පානීය ජලය අවශ්‍යව සිටින පිරිස 20,000,000කට අධික බව වාර්තා වන අතර ආහාර අර්බුදයට සහව සැලසීම සඳහා ලෝක ආහාර වැඩසටහන මගින් සිම්බාබ්වේ රජය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 331ක් ලබා දීමට ද පියවර ගෙන තිබේ.

ජල හිඟය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වී ඇතග එසේම ජල හිගය නිසා ප්‍රදේශ රැසක විදුලිය ද අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Recommended For You

About the Author: Editor