එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට තනියෙන් ජනපති අපේක්ෂකයා තෝරන්න දෙන්න බෑ – ඇමැති රුවන් විජේවර්ධන

එජාප ජනපති අපේක්ෂකයා පිළිබඳ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් ගත නොහැකි බවත් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු සියල්ලක්ම එකතුවී තීරණය ගත යුතු බවත් ආරක්ෂක සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසනවා.

කොළඹදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැති රුවන් විජේවර්ධන මහතා,

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පමණක් මේ තීරණය ගන්න බැහැ. පක්ෂයේ මන්ත්‍රී මණ්ඩලය ඉන්නවා. මේ සියල්ලක්ම එකතුවෙලා සාකච්ඡා කරලා තමයි තීරණය ගත යුතු වන්නේ.

පක්ෂයෙන් ගන්න තීරණයට මම එකඟ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සජිත් ඇමතිතුමාද ? කථානායකතුමාද? අග්‍රාමාත්‍යතුමාද? පක්ෂය කවුද තීරණය කරන්නේ ඒකට අපි සියයට 100ක් සහයෝගය දෙනවා.

අපේ පක්ෂයේ ඉන්නවා අත්දැකීම්වලින් ගොඩක් පරිණත නායකයෝ කිහිප දෙනෙක්. ඒ අය තමයි ඉදිරියට එන්නේ. ජනතාවට අවශ්‍යතාවක් තිබෙනවා නම් අපි වගේ කට්ටිය ඉදිරිපත් වෙන්න. ඒ අවස්ථාවේදී ජනතාවගේ හඬ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපි කැමතියි

Recommended For You

About the Author: Editor