චන්දික හතුරුසිංහට මල් මාලා දැම්මෙත් ගල් ගහන්නෙත් මාධ්‍යම තමයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්කරන ලෙස බල කළේ මාධ්‍ය බවත් වර්තමානයේ ඔහුව ඉවත් කරන ලෙස බලකරන්නත් මාධ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පවසනවා.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ෂම්මි සිල්වා මහතා කියා සිටියේ, හතුරුසිංහ මහතාට චෝදනා පත්‍රයක් යොමු කළ බවත් දින 14ක් ඇතුළත ඒ මහතා පිළිතුරු සැපයිය යුතු බවයි.

‘‘අපි ඒ චෝදනා පත්‍රයට සියලු කරුණු ඇතුළත් කර තිබෙනවා. ඔහු ඒවට දින 14ක් තුළ උත්තර දෙන්න ඕනේ. ඉන් පසුව අපි බලනවා මොකද කරන්නෙ කියලා’’

Recommended For You

About the Author: Editor