
ශ්රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ද දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර මෙවර ශ්රී ලංකා සංචිතයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට හිටපු නායක දිනේෂ් චන්දිමාල් සමත්ව තිබෙනවා.
ශ්රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක) ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, ලසිත් අඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, ඕෂධ ප්රනාන්දු, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්රනාන්දු