මහනුවර දිස්ත්‍රික් පළත් පාලන නියෝජිතයින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ හමුවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පලාත් පාලන ආයතනවල ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරුන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් අද (09) පෙරවරුවේ විජේරාම නිවසේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූහ.

ඔවුන් මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය සඳහා පූර්ණ සහාය ලබාදෙන බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ රාජපක්‍ෂ මහතා ප්‍රගතිශීලී සැම දෙනාගේම බලාපොරොත්තුව එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පරාය කිරීම බැවින් ඒ සඳහා සැමදෙනාම එක්වී කටයුතු කළයුතු බව පැවසීය.

එමෙන්ම මෙම සෑම දෙනාම 2015 මැතිවරණයේදී තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඈත් වීමට සිදුවූයේ ඔවුන් එක්සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්ඩුකිරීමට යාම නිසා බවද දැන් ඔවුන් එයින් ඉවත්වී ඇති බැවින් එක්ව කටයුතු කිරීමේ බාධාවක් නොමැති බව පැවසීය.

පලාත් පාලන නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ සම්බන්ධීකරණය යටතේ මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ද එක්වූහ.

Recommended For You

About the Author: Editor