Kelsey Homes වටිනාකමෙන් 75% දක්වා ණය HNB වෙතින්

දේපළ සංවර්ධනයේ පුරෝගාමී Kelsey Homes ආයතනය වත්තල පිහිටි සිය සුඛෝපභොගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන URBAN HEIGHTS නිවාස සඳහා වටිනාකමෙන් 75%ක් දක්වා ද, මීගමුවේ VERDANT VILLAS ව්‍යාපෘතියේ නිවාස සඳහා වටිනාකමෙන් 70%ක් දක්වා ද විශේෂ ණය පහසුකම් ලබාදීම පිණිස HNB බැංකුව සමග හවුල් වී ඇත.

හොඳින් හිතා මතා සැලසුම්කරන ලද මෙවැනි නිවාස ණය පහසුකම් නිසා නිවාස මිලදී ගන්නන්ට සිය ඉතුරුම් ආරක්‍ෂාකර ගනිමින් සහ ඔවුන්ගේ ජීවන තත්වයන්ට බලපෑම් ඇති නොවන පරිදි තම සිහින නිවාසය හිමිකර ගැනීමේ අවස්ථාව උදා වේ.

HNB බැංකුව සහ Kelsey Homes අතර පවතින හවුල්කාරිත්වය ගැන කරුණු ඉදිරිපත් කළ Kelsey Developments PLC සමාගමේ සභාපති එර්ඩ් ලි පෙරේරා මහතා මෙසේ පැවසීය, ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් වනHNB බැංකුව සමඟ අප ඇතිකරගත් හවුල්කාරිත්වය ගැන සඳහන් කරන්නේ ඉමහත් සතුටකිනි. නිවසක හිමිකරුවෙකු වීමට ප්‍රාර්ථනා කරන සියල්ලන්ටම අපගේ මෙම සංවර්ධන ව්‍යාපෘතිවල නිවාස මිලදී ගැනිම සඳහා 75%ක් දක්වා ණය ලබා ගත හැකිය. මෙම පහසුකම යටතේ ඕනෑම කෙනෙකුට සිය සිහින නිවහන මිලදී ගෙන තෝරාගත් කාල සීමාවක් ඇතුලත මුදල් ආපසු ගෙවීමේ අවස්ථාව ලැබේ.

Recommended For You

About the Author: Editor