කොළඹ කුණු කඳු හෙටින් අවසන් – කොළඹ නාගරික කොමසාරිස්

කොළඹ කුණු කඳු අරුවක්කාලූ වෙත බැහැර කරන්න මසකට මිලියන 70ක්

කෙරවළපිටිය කසළ අංගණය කසළ භාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා ඉවත් කිරීමට නොහැකි වූ කොළඹ නගරයේ ගොඩ ගැසී තිබූ කසළ හෙට (12) පස්වරු වනවිට පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත බැහැර කර අවසන් කරන බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.

පසුගිය 9 වැනිදා සිට දිනපතා එකතු වන කසළ මෙට්ට්‍රික්ටොන් 600ක් පුත්තලම අරුවක්කාලු වෙත රැගෙන යන බව සඳහන් කළ කොළඹ නාගරික කොමසාරිස්වරයා එම කාලය මාස 6ක් පමණ විය හැකි බවද සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාලිත නානායක්කාර මහතා,

‘‘මෙම කසළ ඉවත් කිරීම සඳහා කොන්ත්‍රාත් සමාගමකට භාරදී තිබෙනවා. එම සමාගමට අයත් එක් ලොරි රථයකට පුත්තලම දක්වා යාමට රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය වෙනවා. ඒ අනුව දිනකට ජනතාවගේ බදු මුදලින් ලක්ෂ 25කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවී තිබෙන අතර එක් මාසයකදී රුපියල් කෝටි 7කට අධික මුදලක් කොළඹ කසළ බැහැර කිරීමට පමණක් වැය කිරීමට කොළඹ නගර සභාවට සිදුවෙනවා.

Recommended For You

About the Author: Editor