


ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්ව ඇත. ඒ අද (11) කොළඹ පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයේදීය.
පොදුජන පෙරමුණු සමුළුව ආරම්භයේදී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් පක්ෂයේ නායකත්වය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ගේ නම යෝජනා කළේය.
අනතුරුව සභාවේ ඒකමතිකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකත්වය බාර ගත්තේය.