මගේ සහෝදරකමින් ඔහුව ඔබගේ සහෝදරයා බවට භාරදෙනවා – SLPP සභාපති මහින්ද රාජපක්ෂ

මාතෘභූමියේ ස්වෛරීභාවයට හානියක් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නෑ – ගෝඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභිනව නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කළා.

අද (11) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජාතික මහා සම්මේලනය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා අභිනව තීරණය නිවේදනය කළා.

මහින්ද රාජපක්ෂ මහතා මෙම ඓතිහාසික නිවේදනය නිකුත් කරමින් මෙසේ සඳහන් කළා.

ඔහු ඔබේ හදවත දිනාගෙන ඉවරයි

‘‘අපිට ඕනේ 2020 නෙවෙයි 2030 අනාගතය බලන කෙනෙක්. එයා මේ රටේ හොරකම, දුප්පත්කම, දුෂණය කම්මුතුකරන කෙනෙක්. අගමැති රනිල්ගේ භාෂාවෙන් කියනවනම් කම්මුතු කරන කෙනෙක්. එතනදී මගේ තේරීම නෙමෙයි මට වැදගත් වෙන්නේ රටේ තේරීමයි. කයිවාරු නැති එත් වීරත්වයෙන් වැඩකරන්න පුළුවන් අවංක කෙනෙක් තමයි ජනතාවට ඕනේ. මම තේරුවත් නැතත් ඔහු ඔබේ සහෝදරයා වෙලා ඉවරයි. ඔහු ඔබේ හදවත දිනාගෙන ඉවරයි.

මගේ සහෝදරකමින් ඔහුව ඔබගේ සහෝදරයා බවට භාරදෙනවා

ව්‍යවස්ථාවෙන් ඔහුව නතර කරන්න හැදුවා, හිරේ විලංගු දාන්න හැදුවා, හැබැයි රටේ මහා සංඝරතනයයි රටට ආදරේ කරන ජනතාවයි ඔහුව රැක ගත්තා. මම මගේ සහෝදරකමින් ඔහුව ඔබගේ සහෝදරයා බවට භාරදෙනවා. ඒ අන් කිසිවෙක් නෙමෙයි… ඒ ගෝඨාභයයි’’

කාලය විසින් අපිව නිර්දෝෂි කරලා ඉවරයි

‘‘කාලය විසින් අපිව නිර්දෝෂි කරලා ඉවරයි. ජනතාව විසින් අපිව නිර්දේශ කරලත් ඉවරයි. කොළඹ කුණු ගඳ ගහනකොට ජනතාවට අපිව මතක් වුණා. මට වෛර කරලා දිනාගන්න දෙයක් නෑ. තමන්ට වෙඩි තිබ්බ මිනිහටත් සමාව දෙන්න කියයා එස් ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක අගමැතිවරයාත් කිව්වා’’

මුස්ලිම් ජාතිකයන්ට පල්ලි යන්න පුුළුවන් රටක් අපට ඕනෑ. හැම මුස්ලිම් ජාතිකයාම ත්‍රස්තවාදියෙක් විදියට හිතන්නේ නැති පසුබිමක් ඇති කරපු රටක් අපට ඕනෑ. ඒ වගේම දෙමළ මුස්ලිම් ජනතාව රවට්ටන්‍‍නේ නැති කෙනකුයි අපේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ. අපිට ඕනෑ නීතිය රකින කෙනෙක්’’ යැයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණාත්මකව සඳහන් කළා.

මාතෘභූමියේ ස්වෛරීභාවයට හානියක් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නෑ

අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්මේලනය අැමතුවා. මාතෘ භූමියේ ස්වෛරීභාවයට හානියක් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබව බව අභිනව ජනපති අපේක්ෂකයා සඳහන් කළා.

අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. කිතුණු, හින්දු, ඉස්ලාම් පූජක තුමන්ලාගෙන්ද අවසරයි.

ශ‍්‍රී ලංකා ජනරජයේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුලූ සියලූම මහජන නියෝජිතවරුණි, දේශපාලන පක්ෂ නායකවරුනි , වෘත්තීකයනි, රණවිරුවනි, කළාකරුවනි, මාධ්‍යවේදීයනි, ජාතික සංවිධාන නියෝජිතයිනි, වෘත්තීය සමිති නියෝජිතයිනි, මව් බිමේ සෑම ගම්මානයක්ම නියෝජනය කරමින් මෙහි රැුස්ව සිටින පිරිස මෙන්ම මෙරට හා පිටරට සිටන සියලූම දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයනි, හිතවතුනි.

ශ‍්‍රී ලංකා දේශපාලනයේ ඉතාමත්ම තීරණාත්මක සංධිස්තානයක් සටහන් කරනා මේ ඓතිහාසික සමුලූවේදි, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ ගනනාවක් මෙන්ම ස්වාධීන සංවිධාන හා කන්ඩායම් රැුසක පොදු අරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද දින මාව නම් කරනු ලැබීම මම ඉතාමත්ම ගෞරවයෙන් හා නිහතමානීව පිළිගන්නවා.

ඒ අපේක්ෂකත්වය මා දකින්නේ මේ රටේ අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් නිර්මාණය කරන්නට නියමිත ජනතාවාදී, ප‍්‍රගතිශීලී බලවේගයන් විසින් මට භාර දුන් යුග මෙහෙවරක් ලෙසයි. මේ තීරණය ගැනීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය වූ සියලූ දෙනාටම මම හිසනමා ආචාර කරනවා.

පසුගිය කාලය පුරා රට වෙනුවෙන් හඩක් නැගූ මහා සංඝරත්නය, ආගමික පූජකතුමන්ලා, දේශපාලනඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන්, සමාජ ජාලා ක‍්‍රියාකාරිකයන්, හා විශේෂයෙන්ම රටේ තරුණ පරපුර පෙරටුකරගත් පොදු මහජනතාවට මම මේ අවස්ථාවේ මගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා.

විශේෂයෙන්ම මට මේ වගකීම බාරදුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණටත් මගේ අවංක ස්තූතිය මෙහිදී ප‍්‍රකාශ කරනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රටේ අනාගතය ගැන දැක්මක් තිබෙනවා.

සමස්ථ ශ‍්‍රී ලාංකීය ජනතාවට නායකත්වය දෙමින් මව්බිමට සාමය සතුට හා සෞභාග්‍යය උදාකිරීමට ලැබෙන මේ අවස්ථාව මා ඉතා අගය කොට සලකනවා. බාර දෙන ඕනෑම වගකීමක් ඉහලින්ම ඉටු කිරීමට කිසිවිටක නොපැකිලූනු මම ජනතාව ඉදිරියේ අද ඇති අභියෝගය ජයගනීමට අවශ්‍ය නායකත්වය සැපයීමට සූදානම් බව ඔබ සියලූ දෙනා හමුවේ ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරණවා.

මගේ 20 වසරක යුධ හමුදා සේවය තුලත් දස වසරකට ආසන්න කාලයක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරද්දීත් පැවරුන සෑම වගකීමක්ම මම සාර්ථකව ඉටුකලා. මම හැම විටම උත්සාහ කලේ මට යම් වගකීමක් බාරදුන් විට සීමාවන්ට කොටු නොවි, සම්මතයෙන් ඔබ්බට ගොස් ඒ වගකීම ඉටුකරන්නටයි.

දැනට වසර 35 කට පමණ පෙර මම තරුණ හමුදා නිලධාරියෙකු වශයෙන් සේවය කරන කාලයේ මා විසින් නායකත්වය දුන් එක් ක‍්‍රියාන්විතයක් අගය කරමින් මට ප‍්‍රශංසා ලිපියක් එවු එවකට හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජෙනරාල් සිරිල් රණතුංග මා ගැන මෙසේ කියා තිබුනා.

Recommended For You

About the Author: Editor